ගීතාවලිය 59
59
පිහිට පතා යැදුම
දාවිත් මරණ පිණිස ගෙය රැක සිටීමට සාවුල් මිනිසුන් යැවූ පසු දාවිත් ලියූ ගීතයකි.
1 #
1 සාමු 19:11
අහෝ මාගේ දෙවිඳුනි!
මාගේ සතුරන්ගෙන් මා මුදාගත මැනව;
මට පහර දෙන අයගෙන් මා රැකගත මැනව.
2නපුර කරන්නන්ගෙන් මා මුදාගත මැනව;
මිනී මරුවන්ගෙන් මා ගළවාගත මැනව.
3මාගේ ජීවිතය නැසීමට මාන බලා සිටින්නන් හා මට සතුරු ව සැරසී සිටින්නන් දෙස බැලුව මැනව.
මා අත පාපයක් හා වරදක් නොවූවත්,
4මා අපරාධයක් නොකළත්, ඔව්හු මට චෝදනා කොට සටනට සැරසෙන්නෝ ය.
සමිඳුනි, මාගේ සහායට පිබිද, මා දෙස බැලුව මැනව!
5සමිඳුනි, සව් බලැති දෙවිඳුනි, ඉශ්රායෙල් දෙවිඳුනි, සියලු විජාතීන් හට දඬුවම් දීමට නැඟී සිටින සේක් වා!
දුෂ්ට ද්‍රෝහින් කිසිවෙකුට වත් දයාව නොදක්වන සේක් වා!
6ඔව්හු සවස් කාලය වන තෙක් බලා සිටින්නෝ ය;
ඉන්පසු ගොරවන සුනඛයන් මෙන් නුවර සැරිසරන්නෝ ය.
7ඔව්හු බෙරිහන් දෙමින් තියුණු කඩුපත් වැනි කටුක වචන කියති;
“ඒවා ඇසෙන කිසිවෙක් නැතැ”යි ඔව්හු සිතති.
8එහෙත් සමිඳුනි, ඔබ ඔවුන් ගැන සිනාසෙන සේක;
ඔබ සියලු විජාතීන් සමච්චලයට පාත්‍ර කරන සේක.
9මාගේ සවිය වන ඔබ මම පසසමි.
මන්ද, දෙවිඳාණෝ මාගේ බලකොටුව වන සේක.
10මට ප්‍රේම කරන දෙවිඳාණෝ වඩින සේක;
මාගේ සතුරන්ගේ පරාජය මට දැකගන්නට සලසන සේක.
11අහෝ දෙවිඳුනි!
මා සෙනඟ නොපැකිළෙන පිණිස සතුරන් නොනැසුව මැනව;
ඔබේ බලයෙන් ඔවුන් සලිත කොට පහතට හෙළුව මැනව.
සමිඳාණෝ අපේ පලිහ වන සේක.
12ඔවුන්ගේ මුවින් පිට වන පාපී බස් හා තොල්වලින් පවසන පුරසාරම් නිසා ඔව්හු වරදට අසු වෙත් වා!
උඩඟුවෙන් වැනසෙත් වා!
13ඔබ කෝපාග්නියෙන් ඔවුන් වනසත් වා!
සහමුලින් ම ඔවුන් වනසත් වා!
එවිට ඉශ්රායෙල් දේශයේ සිට පොළොවේ සීමාන්තය දක්වා දෙවිඳුන් පාලනය කරන බව ඔව්හු දැනගන්නෝ ය.
14ඔව්හු සවස් කාලය වන තෙක් බලා සිටින්නෝ ය;
ඉන්පසු ගොරවන සුනඛයන් මෙන් නුවර සැරිසරන්නෝ ය;
15ඔව්හු ගොදුරු සොය සොයා සැරිසරන්නෝ ය;
ඔව්හු සෑහීමට පත් නොවුවොත් ගොරවන්නෝ ය.
16ඔබේ බල මහිමය ගැන මම ගී ගයන්නෙමි;
ඔබේ තිර පෙම ගැන හැම උදය ම මම හඬ නඟා ගයන්නෙමි.
මන්ද, ඔබ මාගේ බලකොටුව වූ සේක;
මාගේ විපතේ දී ඔබ මාගේ සරණය වූ සේක.
17මාගේ සවිය වන ඔබ මම පසසමි;
මන්ද, දෙවිඳාණෝ මාගේ බලකොටුව වන සේක.
ඔබ මට ප්‍රේම කරන සේක.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 59: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

:
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society