ගීතාවලිය 148
148
මුළු විශ්වයෙන් සමිඳුන්ට පැසසුම්
1සමිඳුන් පසසන්න. සගලෝ සිට සමිඳුන් පසසන්න.
උස් තැන්හි දී ඔබ හැම එතුමන් පසසන්න.
2එතුමන්ගේ සියලු දූතයෙනි, එතුමන් පසසන්න.
එතුමන්ගේ මුළු සේනාවෙනි, එතුමන් පසසන්න.
3ඉර හඳ මඬලෙනි, එතුමන් පසසන්න.
දිළිහෙන තරු සියල්ලෙනි, එතුමන් පසසන්න.
4උසස් ම ස්වර්ගයෙනි, අහසට උඩින් තිබෙන ජලයෙනි, එතුමන් පසසන්න.
5ඒ සියල්ලෝ සමිඳුන්ට ප්‍රශංසා කරත් වා!
මන්ද, එතුමාණෝ අණ කළ සේක.
එවිට ඒවා මවන ලද්දේ ය.
6එතුමාණෝ සදහට ම ඒවා පිහිටෙවූ සේක.
ඒවාට ඉක්මවා ගිය නොහැකි සීමාවක් තැබූ සේක.
7මහ මුහුද හා එහි වසන මසුනි,
8ගිනි හා ගල් වැහි වලාවෙනි, හිම හා වාෂ්පයෙනි, එතුමන්ගේ අණ ඉටු කරන මාරුතයෙනි, පොළොවේ සිට සමිඳුන් පසසන්න.
9කඳු හා හෙල් සියල්ලෙනි, පල දෙන ගස් හා කිහිරි රුක් සියල්ලෙනි,
10වන සතුන්, උරගයින්, පක්ෂීන් හා සියලු සිව්පාවෙනි, සමිඳුන් පසසන්න.
11මිහි පිට රජවරුන් හා සියලු මිනිස් වර්ගයෙනි, අධිපතිවරුනි, ලොවේ සියලු විනිසකරුවෙනි,
12තරුණ තරුණියනි, මහල්ලන් හා බාලයෙනි, සමිඳුන් පසසන්න.
13මොවුහු සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරත් වා!
එතුමන්ගේ නාමය පමණක් උදාරතර ය.
එතුමන්ගේ මහිමය අහසත්, පොළොවත් ඉක්මවා යන්නේ ය.
14එතුමන්ගේ සියලු සෙනඟ ද එතුමන්ට ප්‍රිය ඉශ්රායෙල් සෙනඟ ද සියලු සැදැහැවතුන් ද පැසසුමට හා මහිමයට එතුමාණෝ එසෙවූ සේක.
සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 148: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: