ගීතාවලිය 14
14
අදේවදෘෂ්ටිකයන්ගේ ඉරණම
දාවිත්ගේ ගීතයකි.
1 #
රෝම 3:10-12
“දෙවි කෙනෙක් නැතැ”යි අනුවණයෝ සිතින් සිතති.
එවැනි අය අධම කුදිටු දේ ම කරති;
යහපත කරන කිසිවෙක් ඔවුන් අතර තවත් නැත.
2සමිඳාණෝ සුරලොව සිට බලන සේක;
මිනිස් ලොවෙහි නැණවත් අය, දෙවිඳුන් වැඳ පුදන අය, ඇද්දැ යි විමසන සේක.
3ඔවුන් සියල්ලන් ම මුළා ව ගොස් ඇත;
සව් සත කෙලෙස් මලින් පිරී ඇත.
හොඳක් කරන කිසිවෙක් නැත;
ඇත්තට ම නැත.
4කෑම කන්නාක් මෙන් මාගේ සෙනඟ කා දමන, මා හට අයැදුම් නොකරන, අදමිටු මේ අයට සිහි නුවණ නැද් ද?
5දෙවි තුමන් තමන් කීකරු අයට ළං ව වැඩ වසන බැවින්, පවිටු දනෝ මහත් බියෙන් ඇලළී යති.
6පවිටු දනෝ දිළිඳුන්ගේ සිතුම්පැතුම් ව්‍යර්ථ කරති.
එහෙත්, සමිඳාණෝ ඔවුන්ගේ සරණ වන සේක.
7සියොන් කන්දෙන් විමුක්තිය පැමිණියොත් කෙතරම් හොඳ ද?
හිමි තුමන් සිය සෙනඟට සැප සම්පත දුන් විට, ජාකොබ් පෙළපතට කොපමණ ප්‍රීතියක් ද?
ඉශ්රායෙල් සෙනඟට කොපමණ සතුටක් ද?
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 14: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

:
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society