ගීතාවලිය 107:15-20

ගීතාවලිය 107:15-20 NRSV

සමිඳුන්ගේ තිර පෙම ද මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ද ගැන මනුෂ්‍යයෝ එතුමන්ට තුති පුදත් වා! මන්ද, එතුමාණෝ ලෝකඩ දොරටු බිඳදැමූ සේක; යකඩ පොලු කපාදැමූ සේක. ඇතැම් අනුවණයෝ තමන්ගේ අපරාධ නිසාත්, අයුතුකම් නිසාත් පීඩා විඳිති. ඔවුන්ට සියලු ආකාර කෑම අප්‍රිය වේ; ඔව්හු මරුමුවට ළං ව සිටියෝ ය. එවිට ඔව්හු තමන්ගේ විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ගේ විපතින් ඔවුන් ගළවාගත් සේක. එතුමාණෝ සිය වදනින් ඔවුන් සුවපත් කළ සේක. ඔවුන් මරණින් ගොඩගත් සේක.