ගණන් කථාව 20:10-13

ගණන් කථාව 20:10-13 NRSV

ඔවුන් දෙදෙන පර්වතය ඉදිරිපිට ජනතාව එක්රැස් කළහ. ඉන්පසු මෝසෙස් ඔවුන් අමතමින්, “දැන් ඉතින්, කැරලිකරුවෙනි, මට සවන් දෙනු. මේ පර්වතයෙන් වතුර ගලා එවන්නට දැ”යි ඇසී ය. ඔහු අත ඔසවා, සැරයටියෙන් පර්වතයට දෙවරක් ගැසී ය. මහා ජලධාරාවක් පිටාර ගැලී ය, ජනතාව සහ ඔවුන්ගේ සත්තු එයින් බීවෝ ය. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට, “ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි මගේ ශුද්ධ බල මහිමය පිළිගන්නා තරමට නුඹලා මා කෙරෙහි විශ්වාසය නොතැබූ බැවින්, මා මේ සෙනඟට දීමට පොරොන්දු වූ දේශයට නුඹලා ඔවුන් ගෙන නොයන්නහු ය”යි වදාළ සේක. ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව දොස් තැබූ බැවිනුත්, ඒ වතුර මඟින් උන් වහන්සේ සිය ශුද්ධ බල මහිමය ඔවුන්ට ප්‍රකාශ කළ බැවිනුත්, ඒ වතුර “මෙරිබාහි වතුර ය”යි නම් කරනු ලැබී ය.

ගණන් කථාව 20:10-13 සඳහා වීඩියෝව