නෙහෙමියා 2:1-10

නෙහෙමියා 2:1-10 NRSV

දිනක් අර්තක්ෂස්තා රජුගේ විසි වන අවුරුද්දේ නිසාන් මාසයේ ඔහු ඉදිරිපිට මුද්‍රික පානය තිබෙද්දී මම මුද්‍රික පානය රැගෙන රජුට දිනිමි. මීට පෙර මම ඔහු ඉදිරියෙහි දී දුක්මුසු ව නොසිටියෙමි. එවිට රජු මට කතා කර, “ඔබට අසනීපයක් නැති නමුත්, ඔබේ මුහුණ දුක්මුසු ව තිබෙන්නේ මන් ද? මෙය සිතේ කණගාටුවක් මිස වෙන කිසිවක් නොවේ ය”යි කීවේ ය. එවිට මම ඉතා බියෙන් රජුට කතා කොට, “රජතුමා සදහට ම ජීවත් වේ වා! මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නගරය පාළු වී, එහි දොරටු ගින්නෙන් දැවී ගොස් තිබිය දී මාගේ මුහුණ දුක්මුසු නොවන්නේ කෙසේ දැ”යි කීමි. එවිට රජතුමා කතා කොට, “ඔබ ඉල්ලා සිටින්නේ කුමක් දැ”යි මාගෙන් ඇසී ය. එවිට, මම ස්වර්ගයේ දෙවියන් වහන්සේට යාච්ඤා කොට, “රජතුමා සතුටු නම්, ඔබේ දාසයා රජු ඉදිරියෙහි කරුණාව ලබා සිටී නම්, ජුදාහි මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නගරය ගොඩනඟනු පිණිස මා එහි යැව්ව මැනවැ”යි කීමි. රජ තෙම, බිසවත් තමා ළඟ වාඩිවී සිටිය දී, කතා කොට, “ඔබේ ගමනට කොපමණ කල් ගත වේ ද” කියාත්, “ඔබ නැවත එන්නේ කවදා ද” කියාත්, මාගෙන් ඇසී ය. මම රජුට කාලයක් නියම කර කීවෙමි. රජතුමා මා යවන්නට සතුටු විය. ඇරත් මම රජුට කතා කොට, “රජතුමා සතුටු නම්, මා ජුදයට පැමිණෙන තුරු රට මැදින් මට යන්නට දෙන ලෙස, එගොඩ සිටින දිශාධිපතීන්ට දීමට ලියුම් ද ගෘහයට අයිති කොටුවේ දොරටුවල බාල්කවලටත්, නුවර පවුරුවලටත්, මා පදිංචි වන්නට යන නිවාසයටත් ලී දෙන ලෙස රජුගේ මූකළාන භාරකාරයා වන ආසාප්ට දීමට ලියුමක් ද මට ලැබේ වා”යි කීමි. මාගේ දෙවියන් වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබුණු හෙයින් රජ තෙම එසේ ම මට දුන්නේ ය. එකල මම ගඟ එගොඩ සිටි දිශාධිපතීන් ළඟට අවුත් රජුගේ හසුන් පත් ඔවුන්ට දිනිමි. රජ වනාහි සේනාධිපතීන් ද අසරුවන් ද මා සමඟ එවුවේ ය. හොරොනීය ජාතික සන්බලට් ද සේවකයා වූ අම්මොනි ජාතික ටෝබියා ද ඒ අසා, ඉශ්රායෙල් සෙනඟගේ ශුභසිද්ධිය දියුණු කරන්නට මනුෂ්‍යයෙකු ආ බව දැනගෙන ඉතාමත් අමනාප වූ හ.

මෙයට අදාළ වීඩියෝ