ශුද්ධවර මාක් 1:9-12
ශුද්ධවර මාක් 1:9-12 NRSV
එසමයෙහි ජේසුස් වහන්සේ ගලීලයේ නාසරෙත්හි සිට වැඩම කර, ජොහන් විසින් ජොර්දාන් ගඟෙහි බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ සේක. උන් වහන්සේ දියෙන් ගොඩ නැඟෙත් ම ස්වර්ගය විවර වී, ආත්මයාණන් වහන්සේ පරෙවියෙකු මෙන් තමන් පිට බැස එනු දුටු සේක. තවද, ස්වර්ගයෙන් නික්මුණු හඬක්, “ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; ඔබ කෙරේ ඉතා ප්‍රසන්න වී සිටිමි”යි පැවසී ය. එම ඇසිල්ලෙහි ආත්මයාණෝ උන් වහන්සේ පාළුකරයට පැමිණෙවූ සේක.

