ශුද්ධවර මතෙව් 1:1-6
ශුද්ධවර මතෙව් 1:1-6 NRSV
ආබ්‍රහම්ගේ ද දාවිත්ගේ ද පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වංශාවලිය මෙසේ ය. ආබ්‍රහම්ට දාව ඊසාක් ද, ඊසාක්ට දාව ජාකොබ් ද, ජාකොබ්ට දාව ජූදා සහ ඔහුගේ සහෝදරයෝ ද උපන්හ. ජූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ් හා ශෙරා ද, පෙරෙශ්ට දාව හශේරොන් ද, හශේරොන්ට දාව ආරාම් ද, ආරාම්ට දාව අමිනාදාබ් ද, අමිනාදාබ්ට දාව නාෂොන් ද, නාෂොන්ට දාව සල්මොන් ද, සල්මොන්ට දාව රාහාබ්ගෙන් බෝවස් ද, බෝවස්ට දාව රූත්ගෙන් ඕබෙද් ද, ඕබෙද්ට දාව ජෙස්සේ ද, ජෙස්සේට දාව දාවිත් රජ ද උපන්නෝ ය. දාවිත් රජුට දාව උරියාගේ භාර්යාව වී සිටි ස්ත්‍රියගෙන් සලමොන් ද

