මලාකි 1
1
1ඉශ්රායෙල්වරුන්ට දන්වන පිණිස සමිඳාණන් වහන්සේ මලාකිට දිව්‍ය ප්‍රකාශනයකින් දුන් පණිවුඩය මෙය වේ:
ඉශ්රායෙල්වරුන් කෙරෙහි සමිඳාණන් වහන්සේගේ ප්‍රේමය
2 #
රෝම 9:13
#
යෙසා 34:5-17; 63:1-6; ජෙර 49:7-22; එසකි 25:12-14; 35:1-15; ආමො 1:11-12; ඔබදි 1-14 “මම නුඹලාට ප්‍රේම කෙළෙමි”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. “එහෙත්, ඔබ වහන්සේ අපට කෙසේ ප්‍රේම කළ සේක් දැ”යි නුඹලා අසන්නහු ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒසව් හා ජාකොබ් සහෝදරයෝ නොවෙත් ද? එහෙත්, මම ජාකොබ්ට ප්‍රේම කෙළෙමි. 3ඒසව්ට ද්වේෂ කෙළෙමි. මම ඒසව්ගේ කඳුකර පළාත විනාශ කොට, ඔහුගේ උරුමය, වන මෘගයන්ගේ වාසස්ථානයක් කෙළෙමි”යි වදාළ සේක.
4ඒසව්ගේ පරම්පරාවෙන් පැවත එන ඒදොම්වරුන්, “අපේ නගර විනාශ වී ඇතත් අපි නැවත ඒවා ගොඩනඟන්නෙමු”යි කීවොත්, සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දෙන සේක: “ඔවුන් ගොඩනඟන නමුත් මම නැවත ඒවා කඩාදමන්නෙමි. ඒදොම් වනාහි ‘දුෂ්ට පළාත’ කියා ද ‘සදහට ම සමිඳාණන් වහන්සේගේ උදහසට ලක් වී ඇති ජාතියක්’ කියා ද සෙනඟ කියනු ඇත. 5මේ දේ නුඹලාගේ දෑසින් නුඹලා දකිනු ඇත. එවිට, ‘ඉශ්රායෙල් දේශයෙන් එපිටත් සමිඳාණන් වහන්සේ බලවත් ය’යි නුඹලා කියනු ඇත.”
පූජකයන්ට තරවටු කිරීම
6“පුත්‍රයා තමාගේ පියාටත්, මෙහෙකරුවා තමාගේ ස්වාමියාටත් ගෞරව කරති. මා නුඹලාගේ පියා නම්, නුඹලා මට ගෞරව නොකරන්නේ මන් ද? මා නුඹලාගේ ස්වාමියා නම් මට ගරුබුහුමන් නොදෙන්නේ මන්ද කියා අවමන් කරන පූජකවරුන්ගෙන් සියලු බලැති සමිඳාණන් වහන්සේ අසන සේක. ‘අප ඔබට අවමන් කෙළේ කෙසේ දැ’යි නුඹලා අසන්නහු ය. 7නුඹලා මට අවමන් කර ඇත්තේ පූජාසන පිට අපවිත්‍ර ආහාර ඔප්පු කිරීමෙන් ය. එවිට ‘අප ආහාර අපවිත්‍ර කෙළේ කෙසේ දැ’යි නුඹලා අසන්නහු ය. ‘සමිඳාණන් වහන්සේගේ පූජාසනය සුළු යයි නුඹලා කීමෙන් ය.’ 8#ද්වි.නී. 15:21‘මට පූජා කරන පිණිස නුඹලා අන්ධ සතෙකු ගෙන ඒම හරි ද? කොර සතෙකු හෝ ලෙඩ සතෙකු හෝ ඔප්පු කිරීම හරි ද? එවැනි සතෙකු නුඹලාගේ ආණ්ඩුකාරයාට දී බලන්න. ඔහු ඒ ගැන ප්‍රසන්න වෙයි ද? නුඹලාට උදව් උපකාර දෙයි දැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
9“අපට කරුණා කරන මෙන් දෙවියන් වහන්සේගෙන් අයැදින්න. එවැනි පූජාවක් ඔබේ අතින් පිළිගෙන සමිඳාණන් වහන්සේ ඔබට කරුණා කරන සේක් දැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. 10‘අහෝ! මාගේ පූජාසනය පිට නිෂ්ඵල ලෙස ගිනි නොදල්වන පිණිස දොරවල් වසා තබන එක් කෙනෙකු නුඹලා අතරේ ඇත්නම් කොපමණ හොඳ ද? නුඹලා ගැන මට සතුටක් නැත; නුඹලා ගෙනෙන පූජාවක් මම භාර නොගනිමි. 11ඉර උදා වන තැන් පටන් ඉර බැස යන තැන් දක්වා සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති. ඔව්හු සෑම තැන ම සුවඳ දුම් ද පිරිසිදු පූජා ද මට ඔප්පු කරති. සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක. 12“එහෙත් නුඹලා සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිළිකුල් යයි කියමින් එහි ඔප්පු කරන ආහාරවලට නිගා කරන බැවින් නුඹලා මාගේ නාමයට අගෞරව කරන්නහු ය. 13‘මේ මොන කරදරයක් දැ’යි කියමින් නුඹලා මට අවමන් කරන්නහු ය”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක. “සොරාගත්තා වූ නොහොත් කොර වූ හෝ ලෙඩ වූ හෝ සතුන් පූජාවන් වශයෙන් නුඹලා ගෙනෙන්නහු ය. නුඹලාගේ අතින් මා ඒවා පිළිගන්නවා ඇතැ යි නුඹලා සිතන්නහු ද? 14මා හට පූජා කරන්න පොරොන්දු වූ හොඳ සතුන් රැළේ සිටිය දී, වැදගැම්මක් නැති සතෙකු මට පූජා කරන ප්‍රයෝගකාරයාට වන විපතක මහත! මන්ද, මම ශ්‍රේෂ්ඨ රජෙක්මි. සියලු රටවල සෙනඟ මාගේ නාමයට ගරුබිය දක්වති”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.
දැනට තෝරාගෙන ඇත:
මලාකි 1: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: