ශුද්ධවර ලූක් 9:4-6

ශුද්ධවර ලූක් 9:4-6 NRSV

ඔබ යම් කිසි නිවෙසකට පිවිසි කල, එතැනින් පිටත් ව යන තුරු එහි ම නැවතී සිටින්න. ඔබ නොපිළිගන්නා යම් පමණ දෙනෙක් ඇද්ද, ඒ නුවරින් නික්ම යන කල ඔවුන්ට විරුද්ධ ව සාක්ෂියක් වන පිණිස, ඔබේ පාද යට තිබෙන ධූලි ගසා දමන්නැ”යි වදාළ සේක. ඔව්හු පිටත් ව රට පුරා සුබ අස්න දේශනා කරමින් ද රෝග සුව කරමින් ද ගමින් ගමට ගියහ.