ශුද්ධවර ලූක් 6:20-25

ශුද්ධවර ලූක් 6:20-25 NRSV

එකල උන් වහන්සේ සිය ශ්‍රාවකයන් දෙස බලා මෙ‍සේ වදාළ සේක: “දිළිඳු වූ ඔබ භාග්‍යවන්තයෝ ය; මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබගේ ය. දැන් සාගිනි ඇති ඔබ භාග්‍යවන්තයෝ ය; මන්ද, ඔබ තෘප්තිමත් වනු ඇත. දැන් කඳුළු හෙළන ඔබ භාග්‍යවන්තයෝ ය; මන්ද, ඔබ සිනාසෙනු ඇත. මනුෂ්‍ය-පුත්‍රයාණන් නිසා මිනිසුන් ඔබට වෛර බැඳ, ඔබ ප්‍රතික්ෂේප කොට, ඔබට නින්දා කොට, ඔබේ නාමය හෙළා දකින කල ඔබ භාග්‍යවන්තයෝ ය. ඒ දවස්වල දී ප්‍රමෝද වන්න, ප්‍රීතියෙන් නටන්න; මක්නිසා ද යත්, ස්වර්ගයෙහි ඔබගේ පල විපාක ඉමහත් වනු ඇත; ඔවුන්ගේ පියවරු දිවැසිවරයන්ට ද එසේ ම කළහ. අහෝ, ධනවත් ඔබට වන විපතක මහත! ඔබේ සැපවත් ජීවිතය ඔබ විඳ හමාර ය. අහෝ, දැන් පුෂ්ටිමත් ව සිටින ඔබට වන විපතක මහත! ඔබට, සාගිනි වනු ඇත. අහෝ දැන් සිනාසෙන ඔබට වන විපතක මහත! ඔබ හඬා වැලපෙනු ඇත.