ශුද්ධවර ලූක් 3:11-14
ශුද්ධවර ලූක් 3:11-14 NRSV
ඔහු උත්තර දෙමින්, “අඳන දෙකක් ඇති අය නැති අයට දෙත් වා; කෑම ඇති අය කෑම නැති අයට දෙත් වා”යි කී ය. අයකැමියෝ ද බව්තීස්ම-ස්නාපනය ලබන්ට අවුත්, “ගුරුදේවයිනි, අප කුමක් කළ යුතු දැ”යි ඔහුගෙන් ඇසූ හ. “නියමිත පමණට වැඩියෙන් අය බදු නොගන්නැ”යි ඔහු ඔවුන්ට කී ය. හේවායෝ ද, “ඉතින් අප කළ යුත්තේ කුමක් දැ”යි ඇසූ හ. “කිසිවෙකුගෙන් බලහත්කාරයෙන් වත් බොරු චෝදනා නැඟීමෙන් වත් කිසිවක් පැහැර නොගන්න. ඔබට ලැබෙන වැටුපෙන් සෑහී සිටින්නැ”යි ඔහු ඔවුන්ට කී ය.

