එවිට නූන්ගේ පුත් ජෝෂුවා පූජකයන් කැඳවා ඔවුන් අමතා, “ගිවිසුම් කරඬුව ඔසවාගන්න, පූජකවරුන් සත්දෙනෙක් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට බැටළු අං හොරණෑ සතක් ගෙන යත් වා!”යි කීවේ ය. ඔහු සෙනඟටත් කතා කොට, “ඉදිරිපත් වී නුවර වටේට යන්න, ආයුධ ගත් පුරුෂයෝ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට ඉදිරියෙන් යත් වා!”යි කීවේ ය. ජෝෂුවා සෙනඟට කතා කොට නිම වූ කල, පූජකවරු සත්දෙනා බැටළු අං හොරණෑ සතක් ගෙන, සමිඳාණන් වහන්සේ ඉදිරිපිට යමින් හොරණෑ පිම්බෝ ය. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔවුන්ට පස්සෙන් ගෙනයනු ලැබී ය. සන්නාහ සන්නද්ධ වූ භටයෝ හොරණෑ පිඹින පූජකවරුන්ට පෙරටුවෙන් ගියෝ ය. පූජකයන් හොරණෑ පිඹිමින් යද්දී සෙසු අය ගිවිසුම් කරඬුවට පස්සෙන් ගියෝ ය. ජෝෂුවා සෙනඟට අණ කරමින්, “ඔල්වර හඬ නඟන්නට මා ඔබ හැමට කියන දවස දක්වා ඔබ හැම ඔල්වර හඬ නොනැඟිය යුතු ය. ඔබ හැමගේ කට හඬ ඇසෙන්නට වත්, ඔබේ කටින් කිසිවක් නික්මෙන්නට වත් නොදිය යුතු ය. මා අණ කළ විට ඔල්වර හඬ නැඟිය යුතු ය”යි කීවේ ය. මෙසේ ජෝෂුවා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව නුවර වටේට එක වරක් කර උඩ තබාගෙන යනු ලැබීමට සැලැස්වී ය. එය ගෙන ගිය ඔව්හු කඳවුරට ආපසු අවුත් රාත්‍රිය එහි ගත කළෝ ය. පසු දින අලුයම ජෝෂුවා අවදි විය; පූජකවරු ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔසවාගත්තෝ ය. පූජකවරු සත්දෙනා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පෙරටුවෙන් බැටළු අං හොරණෑ සත රැගෙන නොනැවතී හොරණෑ පිඹිමින් ගියෝ ය. සන්නාහ සන්නද්ධ ව සිටි අය ඔවුන්ට පෙරටුවෙන් ගියෝ ය; පූජකයන් හොරණෑ පිඹිමින් යද්දී, සෙසු අය සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පස්සෙන් ගියෝ ය. මෙසේ දෙ වන දවසේ දී නුවර වටේට එක වරක් ගොස් ඔව්හු ආපසු කඳවුරට ආවෝ ය. හය දවසක් ඔව්හු එසේ කළෝ ය. සත් වන දින අලුයම් වේලේ ඔව්හු නැඟිට එම ආකාරයෙන් ම සත්වරක් නුවර වටේට ගියෝ ය. ඔව්හු එදින පමණක් සත්වරක් නුවර වටේ ගමන් කළෝ ය.
ජෝෂු 6 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ජෝෂු 6:6-15
3 Days
What does the story of Joshua and the battle of Jericho, in which seven trumpets sound and a great city falls, have to teach us about Jesus and the great battle of Revelation?
5 days
The Essential 100® Bible Challenge is a simple tool to read through the Big Story of God's Word. The reading plan is based on 50 Old Testament and 50 New Testament passages. Continue with the fifth part "The Law and the Land." ®Produced by American Bible Society in partnership with Scripture Union, Inc.
5 Days
At Midnight is the latest project from Elevation Worship, a part of Elevation Church and led by Pastor Steven Furtick. Over five days, we’ll journey through songs that will help you recognize God’s faithfulness and encourage you to speak victory over your circumstances.
Join Hillsong East Coast’s online experience and walk through this corresponding five day study guide. This study is based on Pastor Carl Lentz’ recent message “A Bridge For The Broken Pt. 2." Read through God’s Word, within each devotional, and reflect through guided questions for both individual consideration or group discussion. We pray it encourages you to reframe your reality.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ