ජෝබ් හැඳින්වීම
හැඳින්වීම
දෙවියන් වහන්සේ, මිනිසා සහ ලෝකය යන කරුණු පිළිබඳ විශ්වාසයන් විග්‍රහ කිරීමේ දී, බයිබලයේ පොත් විවිධ මාධ්‍යයන් යොදාගන්න බව පෙනේ. ජෝබ්ගේ පොත නාට්‍ය වේදිකාවට අයත් සංවාද ක්‍රමය අනුගමනය කරයි. ඒ නිසා මේ කෘතිය බයිබලයෙහි ඉතා විශේෂ තැනක් ගන්න බව කිව යුතු යි. එහි ඇතැම් කොටස් උසස්, මනහර කාව්‍යමය ස්වරූපයක් ගන්න බව ද පෙනේ. ඒ අතින් බැලූ විට මේ කෘතිය ලෝක සාහිත්‍යයෙහි අතිසම්භාවනීය තත්ත්වයකට පැමිණ ඇත.
පොතේ ප්‍රධාන තේමාව වනුයේ දේව ගෞරවය දක්වන, දැහැමි ජීවිතයක් ගෙවන, සැදැහැවත් පුද්ගලයෙකු වන ජෝබ් හට ඒ සා මහත් භයංකර විපත්ති රාශියක් සිදු වූයේ මන්ද යන ප්‍රශ්නයට මුහුණ පෑම ය. මේ පොතේ කතුවරයා චිරාගත අදහස් හා පාරම්පරික විශ්වාසයන් පිළිබිඹු කරමින්, ජෝබ් සමඟ සංවාදයට එලඹෙන ඔහුගේ හිතවත් මිතුරන්ගේ සිතුම් පැතුම් වේගවත් ලෙස දක්වා ඇත.
ජෝබ්ගේ උග්‍ර ප්‍රශ්නයට කෙළින් ම පිළිතුරක් පොතේ නැත. එහෙත්, ජෝබ්ගේ විශ්වාසය නොබිඳී පවතියි. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව හා බල මහිමය පිළිබඳ අලුත් උදාර හැඟීම්වලින් ඔහු ශක්තිය ලබයි.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1:1; 2:13 ප්‍රස්තාවනාව.
පරිච්ඡේද 3:1; 31:40 ජෝබ් සහ ඔහුගේ හිතමිතුරෝ.
(අ) පරිච්ඡේද 3:1-26 ජෝබ්ගේ පැමිණිල්ල.
(ආ) පරිච්ඡේද 4:1; 14:22 පළමු වන සංවාදය.
(ඉ) පරිච්ඡේද 15:1; 21:34 දෙ වන සංවාදය.
(ඊ) පරිච්ඡේද 22:1; 27:23 තෙ වන සංවාදය.
(උ) පරිච්ඡේද 28:1-28 ප්‍රඥාව ගැන වර්ණනා.
(ඌ) පරිච්ඡේද 29:1; 31:40 ජෝබ්ගේ අවසාන ප්‍රකාශනය.
පරිච්ඡේද 32:1; 37:24 එලීහුගේ කතාව.
පරිච්ඡේද 38:1; 42:6 සමිඳුන්ගේ පිළිතුර.
පරිච්ඡේද 42:7-17 අවසානය.
දැනට තෝරාගෙන ඇත:
ජෝබ් හැඳින්වීම: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: