ශුද්ධවර ජොහන් 13:2-5
ශුද්ධවර ජොහන් 13:2-5 NRSV
රාත්‍රි භෝජනය වළඳන වේලාව පැමිණියේ ය. යක්ෂයා උන් වහන්සේ පාවා දීමට සීමොන්ගේ පුත් ජූදස් ඉස්කාරියොත්ගේ සිත ඒ වන විටත් පොළඹවා තිබිණි. පියාණන් වහන්සේ තමන් අතට සියල්ල පවරා දී තිබෙන බව ද තමන් දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ බව ද තමන් දෙවියන් වහන්සේ වෙතට වැඩම කරන බව ද දැන, රාත්‍රි භෝජනයෙන් පසු උන් වහන්සේ නැඟිට තම සළුව ගලවා තබා, තුවායක් ගෙන ඉණ වටා බැඳගත් සේක. ඉන්පසු උන් වහන්සේ භාජනයකට වතුර වත්කොට, ශ්‍රාවකයන්ගේ පාද සෝදන්නටත්, තමන් ඉණ බැඳගෙන සිටි තුවායෙන් පිසදමන්නටත් පටන්ගත් සේක.


