වීරාවලිය හැඳින්වීම

හැඳින්වීම
ජෝෂුවාගේ නායකත්වය යටතේ ඉශ්රායෙල් සෙනඟට පලස්තීනය දිනාගැනීමට හැකි වුව ද, මුළු දේශය එක්සේසත් කිරීමේ කාර්යය සම්පූර්ණයෙන් ම ඉටු නො වී ය. ජෝෂුවාට යටත් කරගන්නට බැරි වූ සමහර පෙදෙස් තිබිණි. ඒ නිසා, මුළු රට ම දිනාගැනීම පිණිස පරම්පරා ගණනක් මුළුල්ලේ ඉශ්රායෙල් සෙනඟට සතුරන් සමඟ සටන් කරන්නට සිදු විය. මේ පොතේ සඳහන් වන්නේ, මේ සටන්වල යෙදුණ වීරයන් හා ඔවුන්ගේ කථාන්තර ය. පැරණි අනුවාදයේ ඇති පරිදි මොවුන් විනිශ්චයකාරයන් වශයෙන් හැඳින්වීම සුදුසු නැත. ඔව්හු උසාවියක නඩු තීන්දු දෙන විනිශ්චයකාරයෝ නොවූ හ. ඔවුන් සෙනඟගේ නායකයන් වශයෙන් ඔවුන් වෙනුවෙන් සටනට ඉදිරිපත් වී ජයාන්විත වීර ක්‍රියා කළ නිසා, ‘වීරයෝ’ යන නමින් හඳුන්වනු ලැබීමත්, ‘වීරාවලිය’ යන නමින් මේ පොත හැඳින්වීමත් සුදුසු ය. මේ වීරයන් අතරෙන් සම්සොන් උසස් ම පෙළේ නම් දැරූ වීරයෙකි. ඔහු පිළිබඳ විස්තර 13 සිට 16 වන පරිච්ඡේදවල ඇත.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1:1; 2:10 ජෝෂුවාගේ මරණය
පරිච්ඡේද 2:11; 16:31 ඉශ්රායෙල් සෙනඟගේ වීරයෝ
පරිච්ඡේද 17:1; 21:25 විවිධ සිද්ධීන්

දැනට තෝරාගෙන ඇත:

වීරාවලිය හැඳින්වීම: NRSV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න