යෙසායා 43:3-5
යෙසායා 43:3-5 NRSV
මන්ද, මම නුඹලාගේ දෙවිඳාණෝ ය. නුඹලාගේ ගැළවුම්කාරයාණෝ ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ය. නුඹලා මුදන පිණිස වන්දියක් වශයෙන් මිසරය ද එතියෝපියාව හා ශෙබා ද මම දුනිමි. නුඹලා මාගේ ඇස් හමුයෙහි වටිනා වස්තුවක් වන බැවින් ද ගරු කටයුතු ව සිටින බැවින් ද මා නුඹලාට පෙම් කරන බැවින් ද නුඹලා මුදන පිණිස දේශයන් හා එහි වැසියන් මම වන්දියක් වශයෙන් දෙන්නෙමි. බිය නොවන්න; මම නුඹලා සමඟ සිටිමි. දුර නැගෙනහිරෙන් ද ඈත බස්නාහිරෙන් ද නුඹලාගේ සෙනඟ මම රැස් කර ගෙනෙන්නෙමි.

