යෙසායා 34
34
සතුරන්ට දඬුවම් කිරීම
1ජාතීනි, ළං වන්න;
ජනයෙනි, සවන් දෙන්න.
මුළු පොළොව ද එහි වැසි සියල්ලන් ද පැමිණ සවන් දෙන්න.
2සමිඳුන් සෑම ජාතීන් කෙරෙහි උදහස් වී, ඔවුන්ගේ සියලු සේනාවන් කෙරෙහි කෝප වී විනාශයටත්, මැරුම්කෑමටත් ඔවුන් තීන්දුකර ඇත.
3ඔවුන් අතරෙන් මැරුම් කෑ අය ඉවත දමනු ලබන්නෝ ය.
ඔවුන්ගේ මළකඳන් ගඳ ගසන්නේ ය.
කඳුවලින් ඔවුන්ගේ ලේ වෑස්සෙන්නේ ය.
4 #
මතෙ 24:29; මාක් 13:25; ලූක් 21:26; එළිද 6:13-14 ඉර, හඳ හා තාරකා මැලවී යන්නේ ය.
අහස, අකුළන පොතක් මෙන් ඇකිළී, එහි තාරකා, මිදි වැලකින් හෝ අත්තික්කා ගසකින් හෝ වැටෙන කොළ මෙන් වැටෙන්නේ ය.
5 #
යෙසා 63:1-6; ජෙර 49:7-22; එසකි 25:12-14; 35:1-15; ආමො 1:11-12; ඔබදි 1:14; මලාකි 1:2-5 සමිඳුන් සිය කඩුව සගයෙහි සූදානම්කර ඇත.
එයින් එතුමාණෝ, ඒදොම්හි සිටින, විනාශයට තීන්දු කරන ලද සෙනඟට පහර දෙන සේක.
6පූජා කරනු ලබන එළු බැටළුවන්ගේ ලේ හා තෙල් ද බැටළුවන්ගේ වකුගඩු තෙලෙන් ද සමිඳාණන් වහන්සේගේ කඩුව තෙත් වී ඇත.
සමිඳාණෝ මේ මහා පූජාව බොශ්රා නගරයෙහි කරන සේක.
මෙය ඒදොම් දේශයෙහි මහා ඝාතනයක් වන්න සලසන සේක.
7වල් මීහරකුන් හා ගොන් නාම්බන් සමඟ ඔව්හු ඇද වැටෙන්නෝ ය.
ඔවුන්ගේ ලෙයින් දේශය රතු වන්නේ ය;
ඔවුන්ගේ තෙලින් භූමිය වැසී යන්නේ ය.
8සමිඳාණන් සියොන් බේරාගෙන ඇගේ සතුරන්ගෙන් පළිගන්න කාලය මෙය වේ.
9ඒදොම්හි ගංගා තාර බවටත්, එහි භූමිය ගෙන්දගම් බවටත් හැරෙන්නේ ය.
මුළු දේශය දැවෙන තාර බිමක් වන්නේ ය.
10 #
එළිද 14:11; 19:3 එහි ඇවිලෙන ගින්න රෑ දාවල් දෙක්හි නොනිවී තිබෙන්නේ ය.
එයින් නඟින දුම සදහට ම පවතින්නේ ය.
පරපුරෙන් පරපුරට එය පාළු වන්නේ ය.
කිසිවෙක් ඒ මැදින් ගමන් නොකරන්නෝ ය.
11උකුස්සන්ටත්, ඉත්තෑවන්ටත් දේශය උරුම වන්නේ ය.
බකමූණෝ ද කපුටෝ ද එහි වාසය කරන්නෝ ය.
සමිඳාණෝ එය මැවීමට පෙර තිබුණාක් මෙන් පාළු, හිස් දේශයක් කරන සේක.
12රට පාලනය කිරීමට රජ කෙනෙක් නොවන්නේ ය;
අධිපතියෝ කිසිවෙක් ද නොවන්නෝ ය.
13එහි මාලිගාවල කටු පඳුරු ද බලකොටුවල කහඹිලියා හා ගොකටු ද හටගන්නේ ය.
ඒවා හිවලුන්ටත්, පැස්බරුන්ටත් වාසස්ථාන වන්නේ ය.
14වනයේ වල් මෘගයෝ ද වෘකයෝ ද එකට හමු වන්නෝ ය.
වල් එළුවෝ ඔවුන් එකිනෙකාට කෑගසන්නෝ ය.
උලමාත් එහි ලගින්න නිශ්චල තැනක් ලබාගන්නේ ය.
15එහි සර්පයා බෙනය සාදා, බිජු දමා, රැක, පැටවුන් ඇගේ සෙවණෙහි තුරුලු කරගන්නී ය.
උකුස්සෝ එකෙක් පාසා එකෙක් එහි එකතු වන්නෝ ය.
16සමිඳුන්ගේ පොත කියවා බලන්න;
එහි සඳහන් වී ඇති සතුන්ගෙන් එකෙක් වත් මෙහි අඩු නොවන්නේ ය.
හැම එකෙකුට ම ගෑණු සතෙක් ද වන්නේ ය.
එය නියම කළේ සමිඳාණෝ ම ය.
සමිඳාණෝ ම ඔවුන් එක් රැස් කරන සේක.
17දාදු දමා, දේශය ඔවුන් අතරේ බෙදා එකිනෙකාට කොටසක් දෙන්නේ සමිඳාණෝ ය.
ඔවුන් එය සදාකාලයට ම උරුම කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට එහි වාසය කරනු ඇත.
දැනට තෝරාගෙන ඇත:
යෙසායා 34: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: