යෙසායා 26:1-7

යෙසායා 26:1-7 NRSV

ජුදා දේශයෙහි සෙනඟ මේ ගීය ගයන කාලයක් පැමිණෙන්නේ ය. අපට බලවත් නුවරක් ඇත. කොටු පවුරු බැඳ අප රැකගන්නේ දෙවිඳාණෝ ම ය. හරි දේ කරන සෙනඟක් වන විශ්වාසවන්ත ජනතාවට දේශයට ඇතුළු වීමට හැකි වන ලෙස වාසල් දොරටු හරිනු මැනව. තිරසර අරමුණු ඇති ව, ඔබ කෙරෙහි විශ්වාසය තබන සියලු දෙනා හට ම සමිඳුනි, ඔබ සදා ශාන්තිය දෙන සේක. සදහට ම සමිඳුන් කෙරේ විශ්වාසය තබන්න. එතුමාණෝ ඔබ හැමදා ආරක්ෂා කරන සේක. එතුමාණෝ උඩඟු අය පහත් කළ සේක; ඔවුන් විසූ බලවත් නගර බිඳ හෙළූ සේක. එහි පවුරු පොඩිපට්ටම් කොට දූවිල්ලට ඇද දැමූ සේක. පීඩිත වූවෝ ඒ මත දැන් ඇවිදිති. ඔවුන්ගේ පාදවලින් ඔව්හු ඒවා පාගාදමති. සමිඳුනි, ඔබ දමිටුන්ගේ මාර්ගය සූදානම් කර ඇත; ඔවුන් යන මඟ සමතලා කර ඇත.