හෙබ්‍රෙව් 11:4-6

හෙබ්‍රෙව් 11:4-6 NRSV

ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා විශිෂ්ට පූජාවක් දෙවියන් වහන්සේට පුද කෙළේ ය. ඔහුගේ පූජා ගැන දෙවියන් වහන්සේ ප්‍රසන්න වූ බැවින්, ඇදහිල්ලෙන් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට පත් කරනු ලැබී ය. ඔහු මියගිය ද ඇදහිල්ලෙන් දැනුත් කතා කරයි. ඇදහිල්ලෙන්, ඒනොක් මරණය නොවිඳ ගෙනයනු ලැබී ය; දෙවියන් වහන්සේ ඔහු ගෙන ගිය බැවින් ඔහු ජීවතුන් අතර නො වී ය. ඔහුගේ තුරන් වීමට පෙර, ඔහු දෙවියන් වහන්සේගේ ප්‍රසාදය දිනාගත් බවට සහතිකය ලැබී ය. ඇදහිල්ල නැති ව උන් වහන්සේගේ ප්‍රසාදය දිනාගැනීමට පුළුවන්කමක් නැත. මන්ද, දෙවියන් වහන්සේ වෙත ළඟා වන්නා උන් වහන්සේ ජීවත් වන බවත්, උන් වහන්සේ සොයා එන්නවුන්ට ඉෂ්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කළ යුතු ය.