ගලාති 1:6-12
ගලාති 1:6-12 NRSV
මෙපමණ විගසින්, ක්‍රිස්තුන් වහන්සේගේ දේව වරප්‍රසාදය කරණකොටගෙන ඔබ කැඳවා වදාළ තැනැන් වහන්සේ අත්හැර, ඔබ වෙනත් සුබ අස්නක් කරා යාම ගැන මට පුදුමයි. වෙන සුබ අස්නක් නම් නැත. එහෙත් මා එසේ කියන්නේ ඔබ කළඹා ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න අවුල් කරන ඇතැමුන් සිටින නිසා ය. එහෙත් මා හෝ ස්වර්ගයෙන් දේව දූතයෙක් හෝ වෙන කිසිවෙක් හෝ අප දේශනා කළ සුබ අස්නට පටහැනි සුබ අස්නක් දේශනා කළේ නම් ඔහුට සාප වේ වා. අප පෙර කී ලෙස ම, දැන් මම නැවතත් කියමි: ඔබ පිළිගත් සුබ අස්නට පටහැනි සුබ අස්නක් ඔබට දේශනා කරන කෙනෙක් ඇත්නම් ඔහුට සාප වේ වා. මා සොයන්නේ මිනිසුන්ගේ පැසසීම ද? නැතහොත් දෙවියන් වහන්සේ පැසසීම ද? මා පතන්නේ මිනිසුන් සතුටු කරන්න ද? මා තවමත් පතන්නේ මිනිසුන් සතුටු කිරීම නම් මම ක්‍රිස්තුන් වහන්සේගේ දාසයෙක් නොවෙමි. සහෝදරවරුනි, මා දේශනා කරන සුබ අස්න මිනිසුන් විසින් නිපදවන ලද්දක් නොවන බව මම ඔබට දන්වමි. මම එය කිසි මිනිසෙකුගෙන් නොලැබුවෙමි. කිසිවෙකු මට එය ඉගැන්නුවේත් නැත. එය මට හෙළි කළේ ක්‍රිස්තුන් වහන්සේ ම ය.

