එසකියෙල්ගේ 38
38
ගොග් රජු දෙවියන් වහන්සේගේ අතේ ආයුධයක් මෙන්
1සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 2#එළිද 20:8“මනුෂ්‍ය පුත්‍රය, රොෂ්හි ද මෙෂෙක්හි ද තුබල්හි ද අධිපතියා වන මාගොග් දේශයේ ගොග් රජුට විරුද්ධ ව නුඹේ මුහුණ යොමු කර, ඔහුට විරුද්ධ ව දිවැස් වැකි කියමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න. 3එම්බා රොෂ්හි ද මෙෂෙක්හි ද තුබල්හි ද අධිපතියා වන ගොග්, මම නුඹට විරුද්ධ වෙමි. 4මම නුඹ ආපසු හරවා, නුඹේ හකුවල කොකු දමා, නුඹ සහ නුඹේ මුළු සේනාව ද අසුන් ද අසරුවන් ද පිටතට ගෙන යන්නෙමි. ඔව්හු සියල්ලෝ ම යුද ඇඳුමෙන් සැරසී, පලිස් ද කුඩා පලිස් ද ලෙළ දෙන කඩු ද අතට ගත් මහ සමූහයකි. 5ඔවුන් සමඟ පාර්සිවරු ද එතියෝපිවරු ද පූට්වරු ද සිටිති. ඔවුන් සියල්ලන්ට පලිස් ද යුද්ධ තොප්පි ද තිබේ. 6ගොමෙර් සහ එහි සියලු හමුදා ද උතුරේ දුර බැහැර සිටින තොගර්මා වංශය සහ එහි සියලු හමුදා ද යන බොහෝ ජනයෝ නුඹ සමඟ සිටිති. 7නුඹ සූදානම් වී, එසේ ය, නුඹ වෙත රැස් ව සිටින නුඹේ සියලු සමූහයන් සමඟ සියල්ල සූදානම් කරගෙන, ඔවුන්ගේ ආරක්ෂකයා වන්න. 8බොහෝ දවස් ගත වූ පසු, මතු අවුරුදුවල නුඹ යුද්ධයෙන් දිනාගත් මේ දේශයට විරුද්ධ ව සටන් කරනු ඇත. බොහෝ කාලයක් පාළු ව තිබුණ ඉශ්රායෙල් කඳුවලට ඔවුන් මරණයෙන් බේරී, නොයෙක් දේශවලින් එක්රැස් කරනු ලැබූ බැවින්, එහි වැසියෝ සෙසු සියලු සෙනඟගෙන් ඈත් වී හිරිහැරයක් නැති ව විසුවෝ වෙති. 9එවිට නුඹ කුණාටුවක් මෙන් ඉදිරියට පැමිණෙනු ඇත. නුඹ සහ නුඹ සමඟ නුඹේ සියලු හමුදාවන් ද බොහෝ ජනයන් ද වලාකුළකින් මෙන් දේශය වසාගනු ඇත.”
10මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ගොග් රජුට මෙසේ වදාරන සේක: “ඒ කාලයෙහි නුඹේ සිතට පහළ වූ අදහසින් නුඹ නපුරු ක්‍රම යොදාගත්තෙහි ය. 11නුඹ කතා කොට, මම පවුරු රහිත ගම් ඇති දේශයට විරුද්ධ ව නැඟී ගොස්, සාමකාමී ව කරදර රහිත ව වාසය කරන අයට විරුද්ධ ව පැමිණෙන්නෙමි. ඔව්හු සියල්ලෝ ම පවුරු නැති ව වාසය කරති. ඔවුන්ට අගුල් ද දොරවල් ද නැතැ යි කියනු ඇත. 12නුඹ එසේ පැමිණෙන්නේ කොල්ලකෑමටත්, සම්පත් උදුරාගැනීමටත් මිනිසුන් වාසය කරන පාළු ව තිබුණු ස්ථානවලට ද විජාතීන් අතරෙන් අවුත් සිටින සිව්පාවුන් සහ සම්පත් ලබාගෙන පොළොවේ මැද ස්ථානයෙහි වාසය කරන සෙනඟට ද විරුද්ධ ව නුඹේ අත ඔසවනු පිණිස ය. 13ෂෙබාවරු සහ දෙදාන්වරු ද තර්ෂිෂ්හි වෙළෙන්දෝ ද එහි අධිපතියෝ ද නුඹට කතා කොට, ‘නුඹ කොල්ලකන්න පැමිණියෙහි ද? නුඹේ සේනාව නුඹ රැස් කරගන්නේ සම්පත් උදුරා ගනිමින්, රන් රිදී රැගෙන, සිව්පාවුන් ද සම්පත් ද අල්ලා, බොහෝ කොල්ල ලබා යන පිණිස දැ’යි අසන්නෝ ය.
14“එබැවින් මනුෂ්‍ය පුත්‍රය, නුඹ දිවැස් වැකි පවසමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ගොග් රජුට කියන්න. ‘මාගේ සෙනඟ වන ඉශ්රායෙල් සෙනඟ සුරැකි ව වාසය කරන කාලයේ දී නුඹ ඉදිරියට යන්නෙහි ය. 15ඈත උතුරේ නුඹලාගේ වාසස්ථාන අත්හැරදමා නුඹ සහ නුඹ සමඟ බොහෝ ජාතීන් සියල්ලක් ම අසුන් පිට නැඟී මහා සමූහයක් ව, බලවත් සේනාවක් ව එනු ඇත. 16නුඹ, දේශය වසාගන්න වලාකුළක් මෙන් මාගේ සෙනඟ වන ඉශ්රායෙල්ට විරුද්ධ ව නැඟී එනු ඇත. එය මතු දවස්වල දී සිදු වන්නේ ය. එම්බා ගොග් රජ! මා ශුද්ධ බව නුඹ කරණකොටගෙන විජාතීන්ගේ ඇස්වලට පෙනෙන කල ඔවුන් මා ඇඳිනගන්න පිණිස මම නුඹ, මාගේ දේශයට විරුද්ධ ව පමුණුවන්නෙමි.’ 17මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව නුඹ පමුණුවන්නෙමි යි පෙර කාලයේ දිවැස් වැකි කී මාගේ දාසයන් වූ ඉශ්රායෙල් දිවැසිවරුන් මඟින් මා ඒ දවස්වල කීවේ නුඹ ගැන නොවේ ද?’ “
ගොග් රජුට දඬුවම
18මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “ගොග් රජ ඉශ්රායෙල් රටට විරුද්ධ ව එන ඒ කාලයේ දී මාගේ උදහස දැල්වෙනු ඇත. 19මන්ද, මාගේ උදහසින් ද මාගේ කෝපාග්නියෙන් ද මෙසේ කියමි. සැබැවින් ම ඒ කාලයේ දී ඉශ්රායෙල් රටෙහි මහා කම්පාවක් ඇති වන්නේ ය. 20මුහුදේ මත්ස්‍යයෝ ද ආකාශයේ පක්ෂීහු ද වනයේ මෘගයෝ ද භූමියෙහි බඩගාන සියලු ම සත්ත්වයෝ ද භූමිය මතුපිට සිටින සියලු මනුෂ්‍යයෝ ද මා ඉදිරියෙහි වෙවුළන්නෝ ය. කඳු හෙළා දමනු ලබන්නටත්, උස් තැන් වැටෙන්නටත්, සියලු පවුරු බිම වැටෙන්නටත් යෙදෙනු ඇත. 21නොයෙක් ආපදාවන් ඇති කර මම ගොග් රජු භීතියට පත් කරන්නෙමි. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එක එක මිනිසාගේ කඩුව ඔහුගේ සහෝදරයාට විරුද්ධ ව ලෙළ දෙනු ඇත. 22මම වසංගතයෙන් ද ලේ වැගිරීමෙන් ද ඔහුට දඬුවම් කරන්නෙමි. ඔහු සහ ඔහුගේ හමුදාවන් ද ඔහු සමඟ සිටින බොහෝ ජාතීන් ද පිට මොරසූරන වැහි ද මහා ගල් වර්ෂාවක් ද ගිනි ද ගෙන්දගම් ද වස්වන්නෙමි. 23මෙසේ මම ශ්‍රේෂ්ඨත්වය ද විශුද්ධත්වය ද පෙන්වා, මා සමිඳාණන් වහන්සේ බව බොහෝ විජාතීන් දැනගන්න පිණිස ඔවුන් ඉදිරියෙහි ප්‍රකාශ වන්නෙමි.”
දැනට තෝරාගෙන ඇත:
එසකියෙල්ගේ 38: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: