මෝසෙස් කන්දෙන් බැස ඒමට ප්‍රමාද වන බව සෙනඟ දුටු විට, ඔව්හු ආරොන් වට කර, රැස් වී ඔහුට කතා කොට, “එන්න, අපට පෙරටුව යන පිණිස දෙවියෙකු සාදා දෙන්න. මිසර දේශයෙන් අප පිටතට ගෙනා මේ මෝසෙස් කියන මිනිසාට කුමක් වූයේ ද කියා අපි නොදනිමු”යි කී හ. ආරොන් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබේ භාර්යාවන්ගේ ද දරුදැරියන්ගේ ද රන් කුණ්ඩලාභරණ ගලවා මා වෙත ගෙනෙන්නැ”යි කී ය. සෙනඟ සියල්ලෝ තම තමන්ගේ කන්වල තිබූ රන් කුණ්ඩලාභරණ ගලවා ආරොන් වෙත ගෙනාහ. ඔහු ඔවුන්ගේ අතින් ඒවා ගෙන, උණු කොට, අච්චුවක වත් කර, වස්සෙකුගේ රූපයක් වාත්තු කෙළේ ය. මේ දුටු සෙනඟ, “ඉශ්රායෙල් මේ අප මිසරයෙන් ගෙනාවා වූ අපගේ දෙවියන් වහන්සේ ය”යි කීවෝ ය. ආරොන් එය ඉදිරියේ පූජාසනයක් ඉදි කොට, “හෙට, සමිඳාණන් වහන්සේගේ ගෞරවයට පවත්වන මංගල්‍යයකි” කියා ප්‍රසිද්ධ කෙළේ ය.
නික්මයාම 32 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නික්මයාම 32:1-5
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ