“නුඹලා අසත්‍ය ප්‍රකාශයක් නොකළ යුතු ය. බොරු සාක්ෂි දෙමින් වරදකරුවෙකුට උදව් නොකළ යුතු ය. නපුරක් කිරීමට වැඩි දෙනාගේ පැත්ත නොගත යුතු ය. නඩුවක දී යුක්තියට පිටුපා වැඩි දෙනාගේ පැත්ත ගෙන සාක්ෂි නොදිය යුතු ය. නඩුවක දී යමෙකු දිළින්දෙකු වන නිසා ම ඔහුගේ පැත්ත ගෙන ක්‍රියා නොකළ යුතු ය. “නුඹේ සතුරාගේ ගවයා හෝ කොටළුවා හෝ මංමුළා වී ඇවිදිනු දුටුවොත්, නුඹ ඔහු වෙතට ඌ ආපසු ගෙන යා යුතු ය. නුඹට වෛර කරන්නාගේ කොටළුවා උගේ බඩු තොගය යට වැටී සිටිනු නුඹ දුටුවොත්, ඌ සිටින මාර්ගයෙන් අහක් වී නොගොස්, ඌට උපකාර කළ යුතු ම ය. “නුඹලා අතර වසන දිළින්දෙකුගේ නඩුවක දී ඔහුට අසාධාරණ ලෙස ක්‍රියා නොකළ යුතුයි. බොරු පැමිණිලි කිරීමෙන් වැළකිය යුතු ය. නිදොස්, දැහැමි තැනැත්තා මරණයට පත් නොකළ යුතු ය. මන්ද, මම වරදකරුවන් නිදොස් නොකරන්නෙමි. අල්ලස් නොගත යුතු ය. අල්ලස් වනාහි සාධාරණ ලෙස සිතීමේ බුද්ධිය අඳුරු කොට නිවැරදිකරුවන්ගේ නඩු අවනඩු කිරීමට පොළොඹවන දෙයකි. “විදේශිකයෙකුට පීඩා නොකරන්න. මන්ද, නුඹලා මිසර දේශයෙහි විදේශී ව සිටි හෙයින් විදේශිකයන් විඳින දේ දන්නහු ය.” “අවුරුදු හයක් නුඹේ ඉඩම් වගාකොට ඒවායේ අස්වැන්න නෙළාගත යුතු ය. එහෙත් සත් වන අවුරුද්දේ දී ඒවා පුරන් ව තිබෙන්නට හැර, ඒවායේ ඇති වන පලදාව නොගත යුතු ය. එවිට නුඹේ සෙනඟ අතර සිටින දිළිඳුන්ට ඒවා කන්න පුළුවන. ඔවුන් ඉතිරි කරන දේ වන මෘගයන්ට කන්න පුළුවන. නුඹේ මිදි වතු හා ඔලීව වතු සම්බන්ධයෙන් ද එලෙස කළ යුතු ය. දින හයක් නුඹ වැඩ කොට, හත් වන දින නුඹේ ගවයාට සහ කොටළුවාට විවේකය ලැබෙන පිණිසත්, නුඹේ දාසියගේ පුතුට හා විදේශිකයාට ශරීර ශක්තිය ලැබෙන පිණිසත් නුඹ විවේක ගත යුතු ය. මා නුඹට කී සියල්ලට නුඹේ අවධානය යොමු කළ යුතු ය. අන් දෙවිවරුන්ගේ නාම සඳහන් නොකරන්න. ඒවා කටින් වත් පිට නොකළ යුතු ය.” “අවුරුද්දකට තුන් වරක් මා උදෙසා මංගල්‍යක් පැවැත්විය යුතු ය. නුමුහුන් රොටි මංගල්‍යය පැවැත්විය යුතු ය. මා අණ කළ පරිදි ආබිබ් මාසයේ නියමිත කාලයේ දී දින හතක් නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. මන්ද, නුඹලා මිසර දේශයෙන් නික්ම ආයේ ඒ මාසයේ ය. එහෙත්, කිසිවෙකු හිස් අතින් මා ඉදිරියට නොපැමිණිය යුතු ය. තවද, නුඹ කෙතේ වගා කළ ධාන්‍යවල නාඹුල් පල නෙළන විට අගස් පල මංගල්‍යය පැවැත්විය යුතුයි. අවුරුද්ද අවසානයේ දී වතුපිටිවලින් නුඹේ පලතුරු රැස් කරන විට අස්වැන්නේ මංගල්‍යය සිදු කළ යුතු ය. අවුරුද්දකට තුන් වරක් නුඹේ පිරිමින් සියලු දෙන සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පෙනී සිටිය යුතු යි. “නුඹ මට පූජා කරන යාග පූජාවේ ලේ, මුහුන් රොටි සමඟ ඔප්පු නොකළ යුතුයි. තවද, මට පූජා කරන යාග පූජාවේ තෙල ද උදය දක්වා ඉතිරි නොකළ යුතු ය. “නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මාගේ ගෘහයට නුඹේ ඉඩම්වලින් හොඳ ම නාඹුල් පල ගෙනා යුතු ය. “එළු පැටවෙකු උගේ මවගේ කිරෙන් නොපිසිය යුතු ය.”
නික්මයාම 23 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නික්මයාම 23:1-19
3 Days
The Bible has a lot to say about bribes. We see several examples throughout God’s word of the destruction that partaking in bribes can leave behind. This 3-day plan will help readers gain a biblical understanding and perspective of bribes, apply it to their lives, and prepare them to share this learning with others.
31 Days
Daily Bible Reading is designed to facilitate consistent interaction with Scripture. It includes background information on each day’s Scripture passage, key verses for meditation, reflection questions to help you dive deeper into Scripture, and prayers to help you connect to God and be of spiritual support to others. Journey with us this month as we explore the theme “God’s Renewing Word of Peace and Justice.”
30 Days
In part four of this seven-part study through the Book of Exodus, we'll explore Exodus 18–23.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ