එස්තර් 8:1-3

එස්තර් 8:1-3 NRSV

ඒ දවසේ දී අහෂ්වේරොෂ් රජ ජුදෙව්වරුන්ගේ සතුරා වූ හාමාන්ගේ ගේදොර එස්තර් රැජිනට දුන්නේ ය. තවද, මොර්දෙකයි රජතුමා ඉදිරිපිටට පැමිණියේ ය. මන්ද, එස්තර් හා මොර්දෙකයි අතර ඇති නෑකම රජුට දන්වා තිබිණි. රජතුමා හාමාන්ගෙන් ආපසු ගත්, තමාගේ පේරැස් මුද්ද ගලවා මොර්දෙකයිට දුන්නේ ය. එස්තර් තොමෝ හාමාන්ගේ ගේදොර කෙරෙහි මොර්දෙකයි පරිපාලකයා වශයෙන් පත් කළා ය. එස්තර් නැවතත් රජු ඉදිරියෙහි කතා කොට, රජුගේ පාමුල වැටී, ආගග් ජාතික හාමාන් අදහස් කළ නපුර ද ජුදෙව්වරුන්ට විරුද්ධ ව ඔහු යෝජනා කළ උපාය ද ව්‍යර්ථ කරන ලෙස අඬා කන්නලව් කළා ය.