අහෂ්වේරොෂ් රජුගේ දොළොස් වන අවුරුද්දේ නිසාන් මාසය නම් පළමු වන මාසයේ පටන්, හාමාන් ඉදිරියෙහි දවසින් දවස, මාසයෙන් මාසය අදාර් මාසය නම් දොළොස් වන මාසය දක්වා ඔව්හු පූර් නම් පස ඇට දැමූ හ. එවිට හාමාන් අහෂ්වේරොෂ් රජුට කතා කොට, “ඔබේ රාජ්‍යයේ සියලු ප්‍රදේශවල ජාතීන් අතරේ එක්තරා සෙනඟක් විසිර ගොස් වෙන් ව සිටිති. ඔවුන්ගේ ව්‍යවස්ථා සියලු ජනයන්ගේ ව්‍යවස්ථාවලට වෙනස් ය. ඔවුන් රාජකීය ව්‍යවස්ථා පවත්වන්නේ නැත. එහෙයින්, ඔවුන්ට සිටින්නට ඉඩ දීම රජ්ජුරුවන්ට වටින්නේ නැත. රජතුමා සතුටු නම්, ඔවුන් නැති කර දමන හැටියට නියෝගයක් පැණවිය යුතු ය. එසේ කළොත් මම රාජ භාණ්ඩාගාරයට ගෙනෙන පිණිස රාජකාරිය භාරකාරයන් අතට රිදී කිලෝග්‍රෑම් තුන්ලක්ෂ හතළිස්දාහක් කිරා දෙන්නෙමි”යි කීවේ ය. රජ තමාගේ අතින් මුදුව ගලවා ජුදෙව්වරුන්ගේ සතුරා වූ ආගග් ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන්ට දී ඔහුට කතා කොට, “රිදී ඔබට දී ඇත; සෙනඟත් දී ඇත; ඔබ කැමැති දෙයක් ඔවුන්ට කරන්නැ”යි කීවේ ය. එවිට පළමු වන මාසයේ දහතුන් වන දා රජුගේ ලේකම්වරුන් කැඳවන ලදුව හාමාන් අණ කළ සියල්ල ලෙස රජුගේ දිශාධිපතීන්ට ද, සියලු රටවල ආණ්ඩුකාරයන්ට ද, ඒ ඒ සෙනඟගේ අධිපතීන්ට ද, ඒ ඒ රටේ අකුරුවලින්, ඒ ඒ සෙනඟගේ භාෂාවෙන් රාජාඥාවක් ලියවා රාජ මුද්‍රාවෙන් යවනු ලැබී ය. අහෂ්වේරොෂ් රජුගේ නමින් එය ලියා රාජ මුද්‍රාව තබන ලදී. අදාර් මාසය නම් දොළොස් වන මාසයේ දහතුන් වන දා තරුණයන් ද මහල්ලන් ද බාලයන් ද ස්ත්‍රීන් ද යන සියලු ජුදෙව්වරුන් එක දවසේ ම නැති කර දමන්නත්, මරන්නත්, සමූලඝාතනය කරන්නත්, ඔවුන්ගේ දේපළ පැහැර ගන්නත් කියා රජුගේ සියලු රටවලට දූතයන් අත ලියුම් යවන ලදී. ඒ දවසට සූදානම් ව සිටින ලෙස එක එක පළාතට නියෝගයක් දෙන පිණිස ඒ ලියවිල්ලේ පිටපතක් සියලු රටවැසියන් අතර ප්‍රසිද්ධ කරන ලදී. දූතයෝ රජුගේ අණ පරිදි විගසින් පිටත් ව ගියහ. ඒ රාජාඥාව සූසා අගනුවර ද පළ කරන ලදී. රජ ද හාමාන් ද විනෝද වන පිණිස හිඳගත්තෝ ය. එහෙත්, සූසා නගරයේ මහා කැළඹීමක් ඇති විය.
එස්තර් 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: එස්තර් 3:7-15
3 Days
Something’s wrong. When should you speak up? When should you hold your tongue? These biblical reflections help you decide whether it’s the right time to use your voice at work.
There are many good ideas for starting a new year, but what better way than to surrender everything to God, consecrating all that we are to Him? Psalm 65:1 says, "You crown the year with Your goodness." Look at the divine plan God has for you.
4 Days
Do you wonder if God has anything to say about your work? Explore key verses from each chapter of the Bible that offer wisdom, guidance, and purpose for everyday work. Part 4: Ezra - Job
In this devotional, we will walk through biblical stories of a few patriarchs who were betrayed. With each word scribed in this devotional, my hope and prayer are that you will find the strength to forgive those who have betrayed you and that you will trust that God has a plan in a plan.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ