දානියෙල් හැඳින්වීම
හැඳින්වීම
විදේශික රජ කෙනෙකුගේ කාලයේ දී, ජුදෙව් සෙනඟ අනේක විධ දුක් ගැහැට හා තාඩන පීඩනවලට භාජනය වී සිටි අවධියක දානියෙල් නම් පොත ලියන ලදී. දෙවියන් වහන්සේ මේ දුෂ්ට රජ යටපත් කොට දේව සෙනඟට ස්වාධීනත්වය හිමි කර දෙනු ඇතැ යි යන බලාපොරොත්තුවෙන් කථාන්තර හා දර්ශන මාර්ගයෙන් මේ පොතේ ලේඛකයා සෙනඟ දිරිගන්වයි.
පොතේ කොටස් දෙකක් ඇත.
1. දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල හා කීකරුකම කරණකොටගෙන සතුරන් පරදා ජයගත් දානියෙල් හා ඔහුගේ සහකාර විප්‍රවාසගත අය පිළිබඳ කථාන්තර.
2. දානියෙල් දුටු දර්ශන. බබිලෝනියෙන් පටන්ගෙන අනුක්‍රමයෙන් නැඟී වැටී යන අධිරාජ්‍යයන් ගැනත්, දුෂ්ට රජුගේ විනාශයත් දේව සෙනඟගේ ජයත් සංකේතාත්මක ව ඒ දර්ශනවලින් දැක්වේ.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1-6 දානියෙල් සහ ඔහුගේ මිත්‍රයෝ.
පරිච්ඡේද 7-11 දානියෙල්ගේ දර්ශන.
(අ) පරිච්ඡේද 7 මෘගයන් සතරදෙනා.
(ආ) පරිච්ඡේද 8-9 බැටළුවා සහ එළුවා.
(ඇ) පරිච්ඡේද 10-11 දිව්‍ය පණිවුඩකාරයා.
පරිච්ඡේද 12 අවසාන කාලය.
දැනට තෝරාගෙන ඇත:
දානියෙල් හැඳින්වීම: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: