ක්‍රියා 20:13-17

ක්‍රියා 20:13-17 NRSV

අපි අසොස්හි දී පාවුලු නැවට කැඳවාගන්නට අදහස් කර, පෙරටුව ගොස්, නැව් නැඟී, එහි ගියෙමු. මන්ද, පාවුලු ගොඩින් යන්නට අදහස් කළෙන් එසේ යාමට අපට නියම කර තිබුණි. අසොස්හි දී අපට ඔහු හමු වූයෙන්, අපි ඔහු නැවට නංවා ගෙන මිතුලේනට පැමිණියෙමු. අපි එතැනින් යාත්‍රා කොට, පසුවදා කියොසය ඉදිරියට පැමිණ, ඊට පසුවදා සාමොසයට ළඟා වී, ඊළඟ දවසේ මිලේතසට පැමිණියෙමු. ආසියාවෙහි කල් ගත කරන්නට සිදු නොවන පිණිස, එපීසය පසු කර යන්නට ඔහු තීරණය කරගෙන සිටියේ ය. එසේ කෙළේ, හැකි නම් පෙන්තකොස්ත දවසේ ජෙරුසලමේ සිටින්නට පාවුලු ඉක්මන් කළ බැවිනි. ඔහු මිලේතසෙන් එපීසයට පණිවුඩ යවා, සභාවේ මූලිකයන් කැඳෙව්වේ ය.