පාවුලු සහ පිරිස පාපස්හි සිට නැව් නැඟී ගොස්, පම්පිලියේ පර්ගායට පැමිණියෝ ය. එවිට ජොහන් ඔවුන්ගෙන් වෙන් ව ජෙරුසලමට පෙරළා ගියේ ය. ඔව්හු පර්ගායෙන් පිටත් ව ගමන් කොට, පිසිදියේ අන්තියෝකියට අවුත්, සබත් දවසේ දී ධර්මශාලාවට ඇතුළු වී අසුන් ගත්තෝ ය. ව්‍යවස්ථාවලියෙන් ද දිවැසාවලියෙන් ද ධර්ම පාඨ කියවූ පසු ධර්මශාලා නායකයෝ, “සහෝදරයෙනි, මේ සෙනඟට ඔබගෙන් යම් කිසි ධර්මානුශාසනාවක් ඇත්නම් පවසන්නැ”යි ඔවුනට දැන්වූ හ. එවිට පාවුලු නැඟිට අතින් සංඥා කොට, “ඉශ්රායෙල් ජනයෙනි, දේවභය ඇත්තෙනි, සවන් දෙන්න. මේ ඉශ්රායෙල් ජනතාවගේ දෙවියන් වහන්සේ අපේ පියවරුන් තෝරාගෙන, මිසර දේශයේ විදේශී ව සිටිය දී ඔවුන් උසස් කොට, බලසම්පන්න බාහු බලයෙන් ඔවුන් එයින් පිටතට ගෙනා සේක. උන් වහන්සේ හතළිස් අවුරුද්දක් පමණ කාලයක් පාළුකරයෙහි ඔවුන්ගේ හැසිරීම ගැන ඉවසිල්ලෙන් සිටි සේක. උන් වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශ කොට, අවුරුදු හාරසිය පණහක පමණ කාලයක් ඒ ජාතීන්ගේ දේශය ඔවුන්ට උරුම කොට දුන් සේක. එයින් පසු දිවැසිවර සාමුවෙල් දක්වා උන් වහන්සේ ඔවුන්ට වීරවරයන් දුන් සේක. “ඉන්පසු ඔව්හු රජෙකු ඉල්ලා සිටියහ. දෙවියන් වහන්සේ බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මනුෂ්‍යයෙකු වූ කිෂ්ගේ පුත්‍ර වූ සාවුල්, හතළිස් අවුරුද්දකට ඔවුන්ට දුන් සේක. උන් වහන්සේ ඔහු අස් කර, දාවිත් ඔවුන්ගේ රජු හැටියට පත් කළ සේක. උන් වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින්, ‘ජෙස්සේගේ පුත්‍ර වූ, මට ප්‍රියමනාප මිනිසෙකු වූ, මාගේ මුළු කැමැත්ත ඉටු කරන්නෙකු වූ දාවිත් මම සොයාගතිමි’යි වදාළ සේක. දෙවියන් වහන්සේ පොරොන්දු දුන් ලෙස, ඔහුගේ පරපුරෙන් ඉශ්රායෙල් සෙනඟට ජේසුස් නම් ගැළවුම්කාරයෙකු දෙවා වදාළ සේක. උන් වහන්සේගේ පැමිණීමට පෙර ජොහන් ඉශ්රායෙල්හි මුළු සෙනඟට පසුතැවී සිත් හරවා ගැනීමේ බව්තීස්ම-ස්නාපනය දේශනා කෙළේ ය. තවද ජොහන් සිය මෙහෙය නිම කරන විට, ‘මම කවරෙක් කියා ඔබ සිතන්නෙහි ද? මම ඔබ සිතන තැනැත්තා නොවෙමි; මට පසුව කෙනෙක් එන සේක, උන් වහන්සේගේ පාවහන් මුදන්නට වත් මම නොවටිමි’යි කී ය. “සහෝදරයෙනි, ආබ්‍රහම් වංශයේ පුත්‍රයෙනි, දේවභය ඇති සියල්ලෙනි, මේ ගැළවීමේ පණිවුඩය ඔබ සඳහා ය. කවර හෙයින් ද? ජනතාවත් ඔවුන්ගේ පාලකයිනුත් උන් වහන්සේ ගැන තේරුම් නොගත්තත්, උන් වහන්සේ වරදට පත් කිරීමෙන් සත්තකින් ම කෙළේ, සෑම සබත් දිනක දී ම අප විසින් කියවනු ලබන දිවැස් වැකි සම්පූර්ණ කිරීම ය. උන් වහන්සේ අත මරණයට සුදුසු කිසිවක් සොයා ගත නොහැකි වූ නමුත් උන් වහන්සේ මරණයට පත් කරන ලෙස ඔව්හු පිලාත්ගෙන් ඉල්ලූ හ. මෙසේ උන් වහන්සේ ගැන ලියා තිබුණු සියල්ල සම්පූර්ණ කළ විට, ඔව්හු උන් වහන්සේ කුරුසියෙන් බා සොහොන් ගෙයක තැන්පත් කළහ. එහෙත් දෙවියන් වහන්සේ උන් වහන්සේ උත්ථාන කළ සේක. උන් වහන්සේ තමන් සමඟ ගලීලයේ සිට ජෙරුසලමට පැමිණි අයට බොහෝ දවසක් දර්ශනය වූ සේක. ඔව්හු දැන් උන් වහන්සේ ගැන ජනතාව ඉදිරියෙහි සාක්ෂිකාරයෝ ව සිටිති.
ක්‍රියා 13 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ක්‍රියා 13:13-31
5 days
The Essential 100® Bible Challenge is a simple tool to read through the Big Story of God's Word. The reading plan is based on 50 Old Testament and 50 New Testament passages. Continue with the sixteenth part "The Travels of Paul." ®Produced by American Bible Society in partnership with Scripture Union, Inc.
5 Days
In this 5 day devotional, Dr. Miguel Núñez points us to Scripture and experience to show us how being is more important than doing. He teaches us how to cultivate the foundations of our lives, so that we can be what we need to be, in order to do what we need to do.
Through the scattered, growing group of Jesus followers, the gospel is advancing to the ends of the earth. We pick up with the missionary journey of Paul and Barnabas, and Paul’s first recorded sermon, which is a masterpiece. This 5-day plan continues a journey through Acts, the Bible’s gripping sequel of Jesus at work in the life of his followers as he expands his kingdom to the ends of the earth. It’s a journey on what it means to be a Christian. It’s a story in which you have a role to play.
The church is meant to be a place of healing and hope. Too often it’s a place of hurt. This 5-day plan is designed to help you navigate times when church hurt happens. It continues a journey through the book of Acts, the Bible’s gripping sequel of Jesus at work in the life of his followers as he expands his kingdom to the ends of the earth. It’s a journey on what it means to be a Christian. It’s a story in which you have a role to play.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ