2 සාමුවෙල් 22
22
දාවිත් රජුගේ මිදීමේ ගීය
(ගීතා 18)
1සමිඳාණන් වහන්සේ දාවිත්ගේ සියලු සතුරන් අතින් ද සාවුල් අතින් ද ඔහු මුදාගත් කල ඔහු සමිඳාණන් වහන්සේට ගැයූ ගීයේ වචන මෙසේ ය:
2සමිඳාණෝ මාගේ පර්වතය ය, මාගේ බලකොටුව ය, මාගේ මිදුම්කාරයාණෝ ය.
3මාගේ පර්වතය වන දෙවිඳාණෝ ය;
මම එතුමාණන් සරණ කරගනිමි.
එතුමාණෝ මාගේ පලිහ ය;
මාගේ ගැළවීමේ බලය ය;
මාගේ බලකොටුව ය;
මාගේ රක්ෂස්ථානය ය;
මාගේ විමුක්තිදායකයාණෝ ය;
ඔබ බලහත්කාරකමෙන් මා ගළවන සේක.
4සියලු පැසසුම්වලට හිමිකම් ඇති සමිඳුන් මම අයැද සිටිමි.
මෙසේ මාගේ සතුරන්ගෙන් මම ගැළවෙන්නෙමි.
5මන්ද, මරණය නමැති තරංගයෝ මා වට කළහ.
අධර්මය නමැති ජලධාරාවෝ මා බියගැන්වූ හ.
6පාතාලයේ රැහැන් මා වෙළා ගති, මරණයේ මලපත් මට අටවා තිබිණි.
7මාගේ විපතේ දී මම සමිඳුන් යැදීමි.
එසේ ය, මාගේ දෙවිඳුන්ට මොරගැසීමි.
එතුමාණෝ සිය මාලිගාවේ සිට මාගේ හඬට සවන් දුන් සේක.
මා යැදුම් එතුමන් වෙත නැඟිණි.
8එවිට පොළොව සෙලවී කම්පා විය;
සග පදනම් ද වෙවුළා සෙලවිණි.
මන්ද, එතුමාණෝ උදහස් වූ සේක.
9එතුමාණන්ගේ නාස් පුඬුවලින් දුමක් නැඟිණි.
එතුමන්ගේ මුවින් වනසන ගින්නක් නික්මිණි, එයින් ගිනි අඟුරු ඇවිළිණි.
10එතුමාණෝ අහස නමා බැස වැඩිය සේක, එතුමන්ගේ පා යට ගන’ඳුර වී ය.
11එතුමාණෝ කෙරුබ්වරයෙකු අරා පියාසර කළ සේක.
එසේ ය, එතුමාණෝ සුළං පියාපත් පිට පියාඹා වැඩිය සේක.
12එතුමාණෝ අඳුර සිය ආවරණය කරගත් සේක.
ඝන වැහි වලා සිය මණ්ඩපය කරගත් සේක.
13එතුමාණන් ඉදිරියෙහි වූ දීප්තියෙන් ගිනි අඟුරු දැල්වී ගියේ ය.
14සමිඳාණෝ අහසේ සිට ගිගුරුම් දුන් සේක:
මහෝත්තමයාණෝ සිය හඬ නිකුත් කළ සේක.
15එතුමාණෝ සිය ඊගස් විද ඔවුන් විසුරුවා හළ සේක;
විදුලිය එවා ඔවුන් පරාජය කළ සේක.
16එකල සමිඳුන්ගේ තරවටුවෙන් ද එතුමන්ගේ නාසයෙන් නික්මුණ වාත වේගයෙන් ද සමුද්‍ර පත්ල එළි පෙහෙළි විය;
පොළොවේ පදනම් ද දිස් විය.
17එතුමාණෝ උඩින් අත පොවා මා අල්ලාගත් සේක;
ගැඹුරු දිය පාරින් මා ඇදගත් සේක.
18මාගේ බලවත් සතුරන්ගෙන් ද මට වෛර කළවුන්ගෙන් ද එතුමාණෝ මා මුදා ගත් සේක.
මන්ද, ඔව්හු මට වඩා බලවත් වූ හ.
19මාගේ විපත්ති දවසේ දී ඔව්හු මට විරුද්ධ ව නැඟී ආහ.
එහෙත්, සමිඳාණෝ මාගේ පිහිට වූ සේක.
20එතුමාණෝ අවහිර නැති තැනකට මා ගෙනා සේක, මා කෙරෙහි ප්‍රසන්න වූ බැවින් මා මිදූ සේක.
21සමිඳාණෝ මාගේ දැහැමිකම අනුව මට විපාක දුන් සේක.
මාගේ නිදොස්කම අනුව මට ප්‍රතිඵල දුන් සේක.
22මන්ද, මම සමිඳු මඟ හැසුරුණෙමි, මාගේ දෙවිඳුන් කෙරෙන් දුෂ්ට ලෙස අහක් ව නොගියෙමි.
23එතුමන්ගේ සියලු නියෝග මා ඉදිරියෙහි විය.
එතුමන්ගේ පණත්වලින් ඉවත් ව නොගියෙමි.
24මම එතුමන් ඉදිරියෙහි නිදොස් ව සිටියෙමි;
පවින් වැළකී සිටියෙමි.
25එබැවින් සමිඳාණෝ මාගේ දැහැමිකම අනුව ද එතුමන්ගේ ඇස් හමුයෙහි මාගේ පිරිසිදුකම අනුව ද මට ප්‍රතිඵල දුන් සේක.
26කරුණාවන්ත අයට ඔබ කරුණාවන්ත ය.
නිදොස් අයට ඔබ නිදොස් ය.
27පිරිසිදු අයට ඔබ පිරිසිදු ය.
හිතුවක්කාර අයට ඔබ විරුද්ධ ය.
28ඔබ පීඩිත සෙනඟ ගළවන සේක.
එහෙත්, උඩඟු වූවන් පහත් කරන පිණිස ඔබේ ඇස් ඔවුන් දෙස යොමා තිබේ.
29මන්ද, සමිඳුනි, ඔබ මාගේ පහන ය, සමිඳාණෝ මාගේ අඳුර එළිය කරන සේක.
30ඔබේ පිහිටෙන් මට හමුදාවක් වැනසිය හැකි ය.
ඔබේ පිහිටෙන් පවුරු උඩින් පැන්න හැකි ය.
31මේ දෙවිඳුන්ගේ මාර්ගය පරිපූර්ණ ය;
සමිඳුන්ගේ වචන නිර්මල ය.
තමන් සරණ යන අයට එතුමාණෝ පලිහක් වන සේක.
32මන්ද, සමිඳුන් මිස දෙවි වන්නේ කවරෙක් ද?
අපේ දෙවිඳුන් මිස පර්වතයක් වන්නේ කවරෙක් ද?
33මේ දෙවි තුමාණෝ මාගේ බලකොටුව ය;
එතුමාණෝ මාගේ මාර්ගය නිදොස් කරන සේක.
34 #
හෙබ්‍රෙ 3:19
එතුමාණෝ මාගේ පාද මුව දෙනුන්ගේ පාද මෙන් කරන සේක.
කඳු මුදුන්හි මා සුරක්ෂිත ව තබන සේක.
35මාගේ බාහුවෙන් ලෝකඩ දුන්නක් නමන්න පුළුවන් වන පිණිස එතුමාණෝ මාගේ දෑත සටනට පුහුණු කරන සේක.
36ඔබේ ගැළවීම නමැති පලිහ ඔබ මට දුන් සේක.
ඔබේ පිහිට මා උසස් කළ සේක.
37ඔබ මාගේ දෙපා යට මාගේ අඩි පාර පළල් කළ සේක.
මාගේ පාද නොලිස්සුවේ ය.
38මම මාගේ සතුරන් ලුහුබැඳ ගොස් ඔවුන් විනාශ කෙළෙමි.
මම ඔවුන් වනසන තුරු හැරී නායෙමි.
39නැඟිටින්න බැරි වන ලෙස මම ඔවුන්ට පහර දී ඔවුන් වැනසුවෙමි.
එසේ ය, ඔවුහු වැටී මාගේ පාදවලට යට වූ හ.
40මන්ද, ඔබ සටන් පිණිස ශක්තියෙන් මාගේ ඉඟටිය සවිමත් කරන සේක.
මට විරුද්ධ ව නැඟුණ අය ඔබ මා ඉදිරියෙහි අවනත කරවූ සේක.
41ඔබ මාගේ සතුරන්ට පසු බැස යන්න සැලැසූ සේක.
මට ද්වේෂ කරන්නන් මම විනාශ කරමි.
42ඔවුන් බැලූ නමුත්, ඔවුන් ගළවන්න කිසිවෙක් නො වූ හ.
සමිඳුන්ට මොරගැසූ නමුත් එතුමාණෝ උත්තර නුදුන් සේක.
43එකල මම පොළොවෙහි ධූලි මෙන් ඔවුන් සුණු විසුණු කෙළෙමි.
වීථිවල මඩ මෙන් ඔවුන් පාගා දැමුවෙමි.
44කැරලිකාර සෙනඟගෙන් ඔබ මා මිදූ සේක;
ජාතීන්ට ප්‍රධානියා වන පිණිස මා රක්ෂා කළ සේක;
මා නොහඳුනන සෙනඟක් මට මෙහෙ කරති.
45විදේශීහු බැගෑපත් ව මාගේ පිහිට පතා එන්නෝ ය.
මා ගැන ඇසූ කෙණෙහි ම ඔවුහු මට කීකරු වෙති.
46විදේශීහු මලානික වී තමන් සැඟවී උන් හිටි තැන්වලින් වෙවුළමින් පිටත එති.
47සමිඳාණෝ ජීවමාන ය;
මාගේ පර්වතයාණන්ට ප්‍රශංසා වේ වා!
මාගේ ගැළවීමේ පර්වතය වන දෙවිඳාණෝ උසස් වන සේක් වා!
48එතුමාණෝ, මා උදෙසා සතුරන්ගෙන් පළිගන්න, ජාතීන් මට යටත් කර දෙන,
49මාගේ සතුරන්ගෙන් මා මුදාගන්න දෙවියන් වහන්සේ ය.
එසේ ය, මට විරුද්ධ ව නැඟී සිටින්නාට වඩා ඔබ මා උසස් කරන සේක;
සැහැසි මිනිසුන්ගෙන් මා ගළවන සේක.
50 #
රෝම 15:9
එබැවින් සමිඳුනි, විජාතීන් අතරේ ඔබට ස්තුති කරන්නෙමි;
ඔබේ නාමයට ප්‍රශංසා ගී ගයන්නෙමි.
51උන් වහන්සේ තමන් රජු හට ඉමහත් ජය අත් කර දෙන සේක.
තමන්ගේ අභිෂේක ලත් තැනැත්තා වන දාවිත්ටත්, ඔහුගේ වංශයටත් සදහට කරුණාව පෙන්වන සේක.
දැනට තෝරාගෙන ඇත:
2 සාමුවෙල් 22: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: