2 රාජාවලියේ 24
24
1 #
ජෙර 25:1-38; දානි 1:1-2 ඔහුගේ දවස්වල දී බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් පැමිණ, ජුදා දේශය ආක්‍රමණය කළ පසු, ජෙහෝයාකිම් තුන් අවුරුද්දක් ඔහුට සේවය කොට පසු ව ඔහුට විරුද්ධ ව කැරලි ගැසී ය. 2සමිඳාණන් වහන්සේ කල්දිවරුන්ගේ හමුදාවන් ද සිරියන්වරුන්ගේ හමුදාවන් ද මෝවබ්වරුන්ගේ හමුදාවන් ද අම්මොන්වරුන්ගේ හමුදාවන් ද ඔහුට විරුද්ධ ව එවූ සේක. තමන්ගේ මෙහෙකරු වූ දිවැසිවරුන් ලවා සමිඳාණන් වහන්සේ කියෙවූ වචනයේ හැටියට ජුදා නැති කරන පිණිස ඊට විරුද්ධ ව උන් වහන්සේ ඔවුන් එවූ සේක. 3ජුදාවරුන් තමන්ගේ ඇස් හමුයෙන් පහකරන පිණිස සමිඳාණන් වහන්සේගේ ආඥාවෙන් මෙය ඔවුන් පිට පැමිණියේ ය. මෙය සිදු වූයේ, මනස්සේගේ පාප වන ඔහු කළ සියල්ල නිසාත්, 4ඔහු වැගිරෙවූ නිදොස් ලේ නිසාත් ය. මන්ද, ඔහු වැගිරෙවූ නිදොස් අයගේ ලේ ජෙරුසලම පුරා ගලා ගියේ ය. ඔහුට කමා වන්නට සමිඳාණන් වහන්සේට නොහැකි විය.
5ජෙහෝයාකිම්ගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? 6ජෙහෝයාකිම් මියගියේ ය. ඔහුගේ පුත් ජෙහෝයාකින් ඔහු වෙනුවට රජ විය. 7බබිලෝනියේ රජ නයිල් ගංගාව පටන් යුප්‍රටීස් ගංගාව දක්වා මිසර රජුට අයිති සියල්ල ගත් නිසා, මිසරයේ රජ තවත් තම දේශයෙන් පිටතට ආවේ නැත.
ජෙහෝයාකින්ගේ රාජ්‍ය කාලය
(2 වංශා 36:9-10)
8ජෙහෝයාකින් දහඅට අවුරුදු වයසේ දී රජ වී තුන් මසක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම නෙහෂ්තා ය. ඈ ජෙරුසලමේ එල්නාතාන්ගේ දුවකි. 9ඔහු තමාගේ පියා කළ සියල්ල ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.
පළමු වන වරට විප්‍රවාසයට ගෙන යෑම
10ඒ කාලයෙහි බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර්ගේ හමුදා ජෙරුසලමට විරුද්ධ ව පැමිණ නුවර වැටලූ හ. 11ස්වකීය හමුදා නුවර වටලා සිටිය දී බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ද එතැනට පැමිණියේ ය. 12#ජෙර 22:24-30; 24:1-10; 29:1-2එවිට ජුදාහි රජ වූ ජෙහෝයාකින් ද ඔහුගේ මෑණියෝ ද රාජ සේවකයෝ ද අධිපතියෝ ද ඇමතියෝ ද නුවරින් පිටත සිටි බබිලෝනියේ රජුට යටත් වූ හ. බබිලෝනියේ රජ තෙමේ තමා රජකමට පත් වී අට වන අවුරුද්දේ දී ඒ නගරය අල්ලාගත්තේ ය.
13ඔහු සමිඳාණන් වහන්සේ වදාළ ලෙස සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු සියල්ල ද රජ ගෙයි වස්තු ද එතැනින් පිටතට ගෙන යනුයේ, ඉශ්රායෙල් රජ වූ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සාදා තිබුණු සියලු රන් භාජන කැබලි කොට කැපී ය. 14ඔහු ජෙරුසලම් වැසියන් ද සියලු අධිපතීන් ද සියලු යුද්ධ භටයන් ද වන දසදහස්දෙනෙකු සහ සියලු ශිල්පීන් ද ආචාරීන් ද විප්‍රවාසයට ගෙන ගියේ ය. දේශයේ ඉතා දුප්පතුන් මිස කිසිවෙක් ඉතිරි නො වූ හ.
15 #
එසකි 17:12
ඔහු ජෙහෝයාකින් බබිලෝනියට ගෙන ගියේ ය. රජුගේ මෑණියන් ද රජුගේ භාර්යාවන් ද ඔහුගේ ඇමතියන් ද දේශයේ බලවන්තයන් ද ඔහු පිටිවහල්කමට රැගෙන ජෙරුසලමේ සිට බබිලෝනියට ගෙන ගියේ ය. 16සත්දහසක් වූ සියලු යුද්ධ භටයන් ද ශිල්පීන් සහ ආචාරීන් දහසක් ද වන යුද්ධ කරන සියලු බලවන්තයෝ බබිලෝනියේ රජු විසින් විප්‍රවාසයට බබිලෝනියට ගෙන යන ලදහ.
17 #
ජෙර 37:1; එසකි 17:13 බබිලෝනියේ රජ ද ඔහුගේ බාප්පා වන මත්තනියා ඔහු වෙනුවට රජකමට පත් කොට ඔහුගේ නම ශෙදෙකියා යයි වෙනස් කෙළේ ය.
ශෙදෙකියාගේ රාජ්‍ය කාලය
(2 වංශා 36:11-12; ජෙර 52:1-3)
18 #
ජෙර 27:1-22; 28:1-17 ශෙදෙකියා විසිඑක් අවුරුදු වයසේ දී රජ වී එකොළොස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම හමුතල් ය. ඈ ලිබ්නාහි ජෙරමියාගේ දුවක් ය. 19ඔහු ජෙහෝයාකිම් කළ සියල්ල ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. 20#එසකි 17:15මන්ද, සමිඳාණන් වහන්සේ ඔවුන් තමන් ඉදිරියෙන් පහකරදමන තරමට උන් වහන්සේගේ උදහස නිසා ජෙරුසලමටත්, ජුදාටත් මෙසේ සිද්ධ විය.
දැනට තෝරාගෙන ඇත:
2 රාජාවලියේ 24: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: