2 රාජාවලියේ 1
1
අහසියා රජුගේ මරණය ගැන එලියා කලින් දැන්වීම
1ආහබ් රජු මියගිය පසු මෝවබ්වරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව කැරලි ගැසූ හ.
2තවද, අහසියා සමාරියෙහි තමාගේ උඩු මහලේ සඳලුතලයෙන් වැටී රෝගාතුර විය. “ඔබ ගොස් මම මේ රෝගයෙන් සුව වන්නෙම් දැ යි එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නැ”යි ඔහු පණිවුඩකාරයන් යැවී ය. 3එහෙත්, සමිඳාණන් වහන්සේගේ දූතයා තිෂ්බි ජාතික දිවැසිවර එලියාට කතා කොට, “නැඟිට සමාරියේ රජුගේ පණිවුඩකාරයන්ගේ පෙරමඟට ගොස්, ‘ඔබ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට යන්නේ, ඉශ්රායෙල්හි දෙවි කෙනෙකුන් නැති නිසා ද? 4එබැවින්, නුඹ නැඟී සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි ය’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක කියා ඔවුන්ට දන්වන්නැ”යි කී ය. එලියා පිටත් ව ගියේ ය.
5එවිට පණිවුඩකාරයෝ රජු ළඟට හැරී ආ හ. “ඔබ හැරී ආවේ කුමක් නිසා දැ”යි ඔහු ඔවුන්ගෙන් ඇසී ය.
6ඔව්හු කතා කොට, “මනුෂ්‍යයෙක් අපේ පෙරමඟට අවුත්, ‘ඔබ හැම එවූ රජු ළඟට හැරී ගොස්, ඔබ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට යවන්නේ ඉශ්රායෙල්හි දෙවි කෙනෙකුන් නැති නිසා ද? එබැවින්, ඔබ සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි යයි සමිඳාණන් වහන්සේ වදාරන සේක කියා ඔහුට කියන්නැ’යි අපට සැළ කෙළේ ය”යි කී හ.
7“ඔබේ පෙරමඟට අවුත් මේ වචන ඔබට කී මනුෂ්‍යයා කෙබඳු කෙනෙක් දැ”යි ඔහු ඔවුන්ගෙන් ඇසී ය. 8#මතෙ 3:4; මාක් 1:6ඔව්හු ඔහුට උත්තර දෙමින්, “ඔහු ලෝම වස්ත්‍රයක් හැඳ, ඉඟටියෙහි සම් පටියක් බැඳගත් මනුෂ්‍යයෙක් ය”යි කී හ. ඔහු, “ඒ තිෂ්බි ජාතික එලියා ය”යි කී ය.
අහසෙන් ගිනි එවීම
9එවිට රජ පණසාධිපතියෙකු ඔහුගේ පණස්දෙනා සමඟ එලියා වෙත යැවී ය. ඔහු කන්ද මුදුනේ හිඳගෙන සිටි එලියා ළඟට ගොස්, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, බැස එන්න කියා රජ කියන්නේ ය”යි ඔහුට දැන්වී ය.
10 #
ලූක් 9:54
එලියා පණසාධිපතියාට උත්තර දෙමින්, “මම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් නම්, අහසින් ගිනි බැස ඔබ ද ඔබේ පණස්දෙනා ද දවාදමා වා”යි කී ය. එවිට අහසින් ගිනි බැස ඔහු ද ඔහුගේ පණස්දෙනා ද දවාදැමී ය.
11රජ නැවත තවත් පණසාධිපතියෙකු ඔහුගේ පණස්දෙනා සමඟ ඔහු ළඟට යැවී ය. ඔහු කතා කොට, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, ඉක්මනින් බැස එන්න කියා රජ කියන්නේ ය”යි ඔහුට කී ය.
12එලියා උත්තර දෙමින්, “මම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් නම්, අහසින් ගිනි බැස ඔබ ද ඔබේ පණස්දෙනා ද දවාදමා වා”යි ඔවුන්ට කී ය. එවිට අහසින් ගිනි බැස ඔහු ද ඔහුගේ පණස්දෙනා ද දවාදැමී ය.
13රජ නැවතත් තුන් වන වර පණසාධිපතියෙකු ඔහුගේ පණස්දෙනා සමඟ යැවී ය. පණස්දෙනාට අධිපති වූ තුන්වැනියා ද නැඟී ගොස් එලියා ඉදිරියෙහි දණින් වැටී යාච්ඤා කරමින්, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, මාගේ ප්‍රාණයට ද ඔබේ මෙහෙකරුවන් වන මේ පණස්දෙනාගේ ප්‍රාණවලට ද හානියක් නොකළ මැනව. 14බැලුව මැනව, අහසින් ගිනි බැස පළමු පණසාධිපතීන් දෙදෙනා ද ඔවුන්ගේ පිරිස් ද දවාදැමුවේ ය. එහෙත්, දැන් මාගේ ප්‍රාණයට හානියක් නොකළ මැනව”යි ඔහුට කීවේ ය.
15එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා කතා කොට, “බිය නොවී ඔහු සමඟ යන්නැ”යි එලියාට කී ය. ඔහු නැඟිට ඔහු සමඟ රජු ළඟට බැස ගියේ ය. 16ඔහු කතා කොට, “නුඹ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට පණිවුඩකාරයන් යැව්වේ, දේව වාක්‍යයෙන් විචාරන්නට ඉශ්රායෙල්වරුන්ගේ දෙවි කෙනෙකුන් නැති නිසා ද? එබැවින් නුඹ සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි ඔහුට කී ය.
17මෙසේ එලියා පැවසූ සමිඳාණන් වහන්සේගේ වචනය ලෙස ඔහු මළේ ය. ඔහුට පුත්‍රයෙකු නොසිටි බැවින් ඔහු වෙනුවට ජොරාම්, ජුදාහි රජ වූ ජෙහෝෂාපාට්ගේ පුත් වන ජෙහෝරාම්ගේ දෙ වන අවුරුද්දේ දී රජ විය.
18අහසියා කළ අනෙක් ක්‍රියා ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
දැනට තෝරාගෙන ඇත:
2 රාජාවලියේ 1: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: