1 තිමෝති 2
2
නමස්කාරය ගැන උපදෙස්
1සියල්ලට ම ප්‍රථමයෙන්, සෑම දෙනා වෙනුවෙන් අයැදුම් ද යාච්ඤා ද ඉල්ලීම් ද ස්තුති දීම් ද ඔප්පු කළ යුතු බව මගේ අවවාදය යි. 2භක්තියෙන් හා ගෞරවයෙන් යුක්ත ව, සාමකාමී තැන්පත් ජීවිතයක් අපට ගත කළ හැකි වන පිණිස, රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් උදෙසා ද යාච්ඤා කළ යුතු ය. 3මෙය මිදුම්කාර දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් ය. ප්‍රසන්න ය. 4සියලු මනුෂ්‍යයන්ගේ මිදීමත්, ඔවුන් සත්‍යය දැනගැනීමත් දෙවියන් වහන්සේගේ කැමැත්ත ය. 5ඇත්තේ එක ම දෙවියන් වහන්සේ ය. දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් අතර වනුයේ එක ම මැදහත්කාරයෙකි. එනම්, මනුෂ්‍යයෙකු වූ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ය. 6සියල්ලන්ගේ මිදීම පිණිස උන් වහන්සේ සිය දිවි පිදූ සේක. මෙසේ නියමිත කාලයේ දී උන් වහන්සේ සාක්ෂි දැරූ සේක. 7#2 තිමෝ 1:11ඒ පිළිබඳ දේශනාකාරයෙකු ද ප්‍රේරිතයෙකු ද ලෙස මා පත් කරනු ලැබුවේ විජාතීන්ට සත්‍ය ඇදහිල්ල උගන්වන පිණිස ය. මා මේ කියන්නේ බොරුවක් නොව සත්‍යයක් ම ය.
8එහෙයින් පිරිමි පක්ෂය සෑම තැන්හි ම කෝපයෙන් හා වාදයෙන් තොර ව, සැදෑ සිතින් දොහොත් නඟා, යාච්ඤා කරන්නේ නම් මම කැමැති වෙමි.
9 #
1 පේදු 3:3
එසේ ම, ස්ත්‍රී පක්ෂය කොණ්ඩ මෝස්තර ද, රන් මුතු අබරණ ද, මිල අධික වස්ත්‍ර ද යන මේවායින් වැළකී ඔබින, විනීත ඇඳුම් ඇඳගත යුතු යි. 10ඔවුන්ගේ ආභරණය විය යුත්තේ භක්තිමත් ස්ත්රීන්ට ඔබින යහපත් ක්‍රියා කිරීම ය. 11ස්ත්‍රීහු නිශ්ශබ්ද ව යටත්කමින් ඉගෙනගනිත් වා. 12ඉගැන්වීමට වත් පුරුෂයා කෙරේ බලය දැක්වීමට වත් ස්ත්‍රියට මම ඉඩ නොදෙමි. ස්ත්‍රිය නිශ්ශබ්ද ව සිටිය යුතු යි. 13#උත් 2:7,21-22 මන්ද, ප්‍රථමයෙන් ආදම් ද පසුව ඒව ද මවනු ලැබූ හ. 14#උත් 3:1-6 තවද, ආදම් රැවටුණේ නැත, නමුත් ස්ත්‍රිය රැවටී වරදට පත් වූවා ය. 15එහෙත් ඇදහිල්ලෙන් ද ප්‍රේමයෙන් ද ශුද්ධකමින් ද විනීත ලෙස ජීවත් වුවොත්, ඈ නිරුපද්‍රිතව දරුවන් ලබන්නී ය.
දැනට තෝරාගෙන ඇත:
1 තිමෝති 2: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: