1 ජොහන් 4:2-4
1 ජොහන් 4:2-4 NRSV
ඔබ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ දැනගන්නේ මෙසේ ය: ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මිනිස්බව ගෙන වැඩම කළ බව ඒත්තු ගන්නාවූ සියලු දෙනා දෙවියන් වහන්සේගෙන් ය. එසේ ජේසුස් වහන්සේ ඒත්තු නොගන්නා වූ සියලු දෙනා දෙවියන් වහන්සේගෙන් නොවෙති. මේ ක්‍රිස්තු-විරෝධියාගේ ක්‍රියා ය. ඔහු එන බව ඔබ අසා ඇත. දැනටමත් ඔහු ලෝකයෙහි සිටියි. ප්‍රිය දරුවෙනි, ඔබ දෙවියන් වහන්සේට අයිති වෙමින් බොරු දිවැසිවරුන් පරාජය කර ඇත. මන්ද, ඔබ තුළ වැඩවසන දෙවියන් වහන්සේ ලෝකයේ සිටින ක්‍රිස්තු-විරෝධියාට වඩා උතුම් ය.

