1 ජොහන් 2:18-19
1 ජොහන් 2:18-19 NRSV
ප්‍රිය දරුවෙනි, අවසාන මොහොත පැමිණ ඇත. මේ කාලයේ දී ක්‍රිස්තු-විරෝධියා එන බව ඔබ අසා ඇත. දැනට ම බොහෝ ක්‍රිස්තු-විරෝධීහු පහළ වී සිටිති. මේ කරුණින් මෙය අන්තිම මොහොත බව අපට පෙනේ. මේ ක්‍රිස්තු-විරෝධීන් අපෙන් වෙන් ව ගිය නමුත් අපට අයිති ව සිටියේ නැත. ඔවුන් අපට අයිති ව සිටියා නම්, අප සමඟ නැවතී සිටිනු ඇත. එහෙත් ඔවුන් වෙන් වී ගිය කරුණෙන් පෙනෙන්නේ ඔවුන්ගෙන් කිසිවෙකුවත් අපට සැබෑ ලෙස අයිති නුවූ බව ය.

