නප්තලීගේ පුත්‍රයෝ නම්: බිල්හාගේ පුත්‍රයන් වූ ජාශීයෙල්, ගුනී, ජේශෙර් සහ ෂල්ලුම් ය. මනස්සේගේ පුත්‍රයෝ: මනස්සේට අරමීය උපභාර්යාවගෙන් පුතුන් දෙදෙනෙක් ලැබී ය. ඔව්හු අශ්‍රීයෙල් හා මාකීර් ය. මාකීර්, ගිලියද්ගේ පියා විය. මාකීර් හුප්පීම් සහ ෂුප්පීම්ගේ සහෝදරී වූ මයකා භාර්යාව කොට පාවාගත්තේ ය. දෙවැනියාගේ නම ශෙලොපෙහාද් ය. ශෙලොපෙහාද්ට දූවරු සිටියෝ ය. මාකීර්ගේ භාර්යාව වූ මයකා පුත්‍රයෙකු ලබා ඔහුට පෙරෙෂ් යන නම තැබුවා ය. ඔහුගේ සහෝදරයාගේ නම ෂෙරෙෂ් ය. ඔහුගේ පුත්‍රයෝ නම්: ඌලාම් සහ රාකෙම් ය. ඌලාම්ගේ පුත්‍රයා බෙදාන් ය. මොවුහු මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත් ගිලියද්ගේ පුත්‍රයෝ ය. ඔහුගේ සහෝදරී වූ හම්මොලෙකෙත් ඊෂ්හොද් සහ අබියේශෙර් ද මාලා ද ලැබුවා ය. ෂෙමිදාගේ පුත්‍රයෝ නම්: අහෙයාන්, ෂෙකෙම්, ලික්හි සහ අනියාම් ය. එප්‍රායිම්ගේ පුත්‍රයා ෂුතෙලා ය. ඔහුගේ පුත්‍රයා බෙරෙද් ය. ඔහුගේ පුත්‍රයා තාහත් ය. ඔහුගේ පුත්‍රයා එලියාදා ය. ඔහුගේ පුත්‍රයා තාහත් ය; ඔහුගේ පුත්‍රයා සාබාද් ය; ඔහුගේ පුත්‍රයා ෂුතෙලා ය. ඒ හැර එශෙර් සහ එලෙයාද් ය. මොවුන් දේශයේ උපන් ගාත්හි මනුෂ්‍යයන්ගේ සිව්පාවුන් සොරකම් කරන්න බැස ආ බැවින් ඒ මනුෂ්‍යයෝ මොවුන් මැරුවෝ ය. මොවුන්ගේ පිය වූ එප්‍රායිම් ද බොහෝ දවස් වැළපුණේ ය. ඔහුගේ සහෝදරයෝ ඔහු සනසන්නට ආවෝ ය. ඔහු තමාගේ භාර්යාව කරා පැමිණි කල ඈ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලැබුවා ය. තමාගේ පවුලට විපත්තිය පැමිණි නිසා ඔහු ඔහුට බෙරියා යන නම තැබී ය. එප්‍රායිම්ගේ දුව ෂෙයෙරා ය. ඈ පහළ සහ ඉහළ බෙත්-හෝරොන්හි නගර ද උශ්ශේන්-ෂෙයෙරා ද ගොඩනැඟුවා ය. ඔහුගේ පුත්‍රයා රෙපා ය; රෙපාගේ පුත්‍රයා රෙෂෙප් ය; රෙෂෙප්ගේ පුත්‍රයා තෙලා ය; ඔහුගේ පුත්‍රයා තහන් ය; ඔහුගේ පුත්‍රයා ලාදාන් ය; ඔහුගේ පුත්‍රයා අම්මිහුද් ය; ඔහුගේ පුත්‍රයා එලිෂාමා ය; ඔහුගේ පුත්‍රයා නූන් ය; ඔහුගේ පුත්‍රයා ජෝෂුවා ය. ඔවුන්ගේ උරුම වාසස්ථාන නම්: බෙතෙල් සහ එහි ගම් ද නැගෙනහිරට නයරාන් ද බස්නාහිරට ගෙශෙර් සහ එහි ගම් ද අස්සා සහ එහි ගම් ද දක්වා ෂෙකෙම් සහ එහි ගම් ද විය. මනස්සේගේ ජනයාගේ සීමා දිගට බෙත්-ෂෙයාන් සහ එහි ගම් ද තයනාක් සහ එහි ගම් ද මෙගිද්දෝ සහ එහි ගම් ද දෝර් සහ එහි ගම් ද යන මේවා ය. මේවායෙහි ඉශ්‍රායෙල්ගේ පුත් ජෝසෙප්ගේ පුත්‍රයෝ වාසය කළෝ ය. ආෂෙර්ගේ පුත්‍රයෝ නම්: ඉම්නා, ඉෂ්වා, ඉෂ්වී, බෙරියා සහ ඔවුන්ගේ සහෝදරී වූ සෙරා ය. බෙරියාගේ පුත්‍රයෝ නම්: හෙබෙර් සහ මල්කියෙල් ය. ඔහු බිර්ශායිත්ගේ පියා ය. හෙබෙර්ට දාව ජප්ලෙත් ද ෂෝමෙර් ද හෝතාම් ද ඔවුන්ගේ සහෝදරී වූ ෂුවා ද උපන්නෝ ය. ජප්ලෙත්ගේ පුත්‍රයෝ නම්: පාසක්, බිම්හාල් සහ අෂ්වාත් ය. මොවුහු ජප්ලෙත්ගේ පුත්‍රයෝ ය. ෂෙමෙර්ගේ පුත්‍රයෝ නම්: අහි, රොක්ගා, ජෙහුබ්බා සහ අරාම් ය. ඔහුගේ සහෝදර වූ හේලෙම්ගේ පුත්‍රයෝ නම්: ශෝපා, ඉම්නා, ෂෙලෙස් සහ අමාල් ය. ශොපාගේ පුත්‍රයෝ නම්: සුවා, හර්නෙපෙර්, ෂුවාල්, බේරී, ඉම්රා; බෙශෙර්, හෝඩ්, ෂම්මා, ෂිල්ෂා, ඉත්රාන් සහ බෙයේරා ය. ජෙතෙර්ගේ පුත්‍රයෝ නම්: ජෙපුන්නේ, පිස්පා සහ අරා ය. උල්ලාගේ පුත්‍රයෝ නම්: ආරක්, හන්නියෙල් සහ රිසීයා ය. මේ සියල්ලෝ ආෂෙර්ගේ පුත්‍රයෝ ය. ඔව්හු තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව උතුම් වූ බලවන්ත මනුෂ්‍යයන් ව; ප්‍රධාන අධිපතියන් ව සිටියෝ ය. පෙළපත් හැටියට යුද්ධ සේවයට ගණන් ගන්නා ලද්දෝ විසිහයදහසක් ය.
1 වංශාවලියේ 7 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 වංශාවලියේ 7:13-40
23 Days
Written following their return from exile, Chronicles is a theological retelling of Israel's monarchial history. In this post-exilic season, doubt and apathy plagued God's people and their trust in His promises. The Chronicler responds by reminding Israel of God's faithfulness from Adam to Moses to David and ultimately points toward a Greater David to come.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ