1 වංශාවලියේ 3:9-19

1 වංශාවලියේ 3:9-19 NRSV

උපභාර්යාවන්ගේ පුත්‍රයන් ඇතුළු ව මොවුහු සියල්ලෝ දාවිත්ගේ පුත්‍රයෝ ය. තාමාර් මොවුන්ගේ සහෝදරී ය. සලමොන්ගේ පුත්‍රයා රෙහොබෝවම් ය. ඔහුගේ පුත්‍රයා අබියා ය; ඔහුගේ පුත්‍රයා ආසා ය; ඔහුගේ පුත්‍රයා ජෙහෝෂාපාට් ය; ඔහුගේ පුත්‍රයා ජෝරාම් ය; ඔහුගේ පුත්‍රයා අහසියා ය; ඔහුගේ පුත්‍රයා ජෝවාෂ් ය; ඔහුගේ පුත්‍රයා අමශියා ය; ඔහුගේ පුත්‍රයා අසරියා ය; ඔහුගේ පුත්‍රයා ජෝතාම් ය; ඔහුගේ පුත්‍රයා ආහාස් ය; ඔහුගේ පුත්‍රයා හෙසකියා ය; ඔහුගේ පුත්‍රයා මනස්සේ ය; ඔහුගේ පුත්‍රයා ආමොන් ය; ඔහුගේ පුත්‍රයා ජොෂියා ය. ජොෂියාගේ පුත්‍රයෝ නම්: කුලුඳුලා වූ ජොහානාන් ය; දෙවැනියා ජෙහෝයාකිම් ය; තුන්වැනියා ශෙදෙකියා ය; හතරවැනියා ෂල්ලුම් ය. ජෙහෝයාකිම්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත් ජෙකොනියා සහ ඔහුගේ පුත් ශෙදෙකියා ය. හිරකාරයෙකු වූ ජෙකොනියාගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත් ෂෙයල්තියෙල් සහ මල්කිරාම්, පෙදායා, ෂෙනශ්ශර්, ජෙකමියා, හෝෂාමා සහ නෙදබියා ය. පෙදායාගේ පුත්‍රයෝ නම්: සෙරුබ්බාබෙල් සහ ෂිමෙයි ය. සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයෝ නම්: මෙෂුල්ලාම් සහ හනනියා ය; ඔවුන්ගේ සහෝදරී ෂෙලොමිත් ය.

මෙයට අදාළ වීඩියෝ