1 වංශාවලියේ 25:1-31
1 වංශාවලියේ 25:1-31 NRSV
දාවිත් ද සේනාවේ අධිපතියෝ ද ආසාප්ගේත්, හේමන්ගේත්, ජෙදුතුන්ගේත් පුත්‍රයන්ගෙන් වීණා හා කුඩා වීණා ද අත්තල් ද නාද කොට ගායනා කරමින්, දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාශ කිරීමේ සේවය සඳහා තැනැත්තන් වෙන් කර තැබී ය. තමන්ගේ සේවයේ වැඩය කළා වූ ඒ මනුෂ්‍යයන්ගේ නාම ලේඛනය මෙසේ ය: ආසාප්ගේ පුත්‍රයන්ගෙන් ශක්කුර් ද ජෝසෙප් ද නෙතනියා ද අසිරේලා ද යන ආසාප්ගේ පුත්‍රයෝ ය. මොවුහු රජුගේ අණ ලෙස ධර්ම වාක්‍ය ගායනා කළා වූ ආසාප් යටතේ සිටියෝ ය. ජෙදුතුන්ගේ පුත්‍රයන් වූ ගෙදලියා ද ශෙරී ද ජෙෂායා ද හෂබියා ද මත්තිතියා ද ඇතුළු හයදෙනා ය. මොවුහු මහා වීණා නාද කර සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාශ කරමින් ද, උන් වහන්සේට ස්තුති ප්‍රශංසා දෙමින් ද ජෙදුතුන් යටතේ සිටියෝ ය. හේමාන්ගේ පුත්‍රයන් වූ බුක්කියා, මත්තනියා, උශ්ශියෙල්, ෂෙබුයෙල්, ජෙරිමොත්, හනනියා, හනානි, එලියාතා, ගිද්දල්තී, රොමම්ති-එසෙර්, ජොෂ්බෙකාෂා, මල්ලෝති, හෝතීර් සහ මහශියොත් ය. ඔව්හු සියල්ලෝ දෙවියන් වහන්සේ කළ දේ ගැන රජුගේ දර්ශකයා ව සිටි, හොරණෑවෙන් නාද කළා වූ හේමන්ගේ පුත්‍රයෝ ය. දෙවියන් වහන්සේ හේමන්ට පුත්‍රයන් දහහතරදෙනෙකු ද දූවරුන් තුන්දෙනෙකු ද දුන් සේක. මේ සියල්ලෝ දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවය පිණිස අත්තල් ද කුඩා වීණා ද මහා වීණා ද සහිත ව සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ගායනා කිරීමට තම පියා යටතේ සිටියෝ ය. ආසාප් ද ජෙදුතුන් ද හේමන් ද රජු යටතේ සිටියෝ ය. සමිඳාණන් වහන්සේට ගැයීම ගැන ඉගෙනගෙන, දැනගැන්ම ඇති ව සිටි ඔවුන්ගේ සියලු සහෝදරයන් ඇතුළු ව ඔවුන්ගේ ගණන දෙසිය අසූඅටදෙනෙක් ය. ඔව්හු ලොකු අය මෙන් කුඩා ම අය ද ගෝලයා මෙන් ම ගුරුවරයා ද තමන්ගේ මෙහෙය ගැන පස ඇට දැමුවෝ ය. පළමු වන කොටස වැටුණේ ආසාප්ට අයිති ජෝසෙප්ට ය; දෙ වන එක ගෙදලියා ද ඔහුගේ සහෝදරයන් ද පුත්‍රයන් ද යන දොළොස්දෙනෙකුට ය; තුන් වන එක ශක්කුර් ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය; හතර වන එක ඉශ්රී ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය; පස් වන එක නෙතනියා ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය; හය වන එක බුක්කියා ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය; හත් වන එක ජෙෂරේලා ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය; අට වන එක ජෙෂායා ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය; නව වන එක මත්තනියා ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය; දහ වන එක ෂිමෙයි ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය; එකොළොස් වන එක අශරියෙල් ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය; දොළොස් වන එක හෂබියා ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය; දහතුන් වන එක ෂුබායෙල් ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය; දහහතර වන එක මත්තිතියා ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය; පහළොස් වන එක ජෙරේමොත් ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය; දහසය වන එක හනනියා ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය. දහහත් වන එක ජොෂ්බෙකාෂා ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය; දහඅට වන එක හනානි ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය; දහනව වන එක මල්ලෝති ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය; විසි වන එක එලියාතා ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය; විසිඑක් වන එක හෝතීර් ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය; විසිදෙ වන එක ගිද්දල්තී ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය; විසිතුන් වන එක මහසියොත් ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය; විසිහතර වන එක රොමම්ති-එසෙර් ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය.

