රූත්ගේ කථාව 3:13-17

රූත්ගේ කථාව 3:13-17 SROV

අද රෑට පමාවෙන්න, හෙට උදය ඔහු නෑයෙකුගේ යුතුකම නුඹට කළොත් යහපති. ඔහු නෑයෙකුගේ යුතුකම ඉෂ්ටකෙරේවා. නුමුත් නෑයෙකුගේ යුතුකම නුඹට ඉෂ්ටකරන්ට ඔහු අකැමැතිනම් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම එය ඉෂ්ටකරන්නෙමි. පහන්වනතෙක් නිදාගන්නැයි කීවේය. ඈ පහන්වන තෙක් ඔහුගේ පාමුල නිදාහිඳ, එකිනෙකා ඇඳිනගන්ට පුළුවන්වෙන්ට මත්තෙන් නැගුටුණාය. ඔහුද: ඒ ස්ත්‍රිය පාවරට ආ බව කිසිවෙකුට නොදැනේවයි කීවේය. තවද ඔහු: නුඹ පොරවා සිටින සළුව මෙහි ගෙනත් අල්ලන්නැයි කීවේය; ඈ ඒක ඇල්ලූ කල යව නැළි හයක් මැන ඈ පිට තබා නුවරට ගියේය. ඈ තම නැන්දා ළඟට ආ කල: මාගේ දියණියෙනි, නුඹ කවුදැයි ඇසුවාය. එවිට ඈ ඒ මනුෂ්‍යයා තමාට කළ සියල්ල නැන්දාට දන්වා–නුඹේ නැන්දා ළඟට හිස් අතින් නොයන්නැයි ඔහු මට කියා මේ යව නැළි හය මට දුන්නේයයි කීවාය.