රූත්ගේ කථාව 2:8-14

රූත්ගේ කථාව 2:8-14 SROV

එවිට බෝවස්: මාගේ දියණියෙනි, අහන්න; වෙන කෙතකට ඇහිඳින්ට නොයන්න, මෙතැනින් නොගොස් මෙහි මාගේ තරුණියන් එක්කම සිටින්න. ඔවුන් කපන කෙත බලාගන ඔවුන් පස්සේ යන්න. නුඹට අත නොගසන ලෙස මා විසින් තරුණ පුරුෂයන්ට අණකර තිබෙනවා නොවේද? නුඹට පිපාසාවූ කල භාජන ළඟට ගොස් තරුණයන් ඇද තිබෙන වතුරෙන් බොන්නැයි රූත්ට කීවේය. එවිට ඈ බිම වැතිර මුහුණින් වැටී වැඳ: විදේශීවූ මා සලකන ලෙස ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබෙන්නේ මක්නිසාදැයි ඔහුට කීවාය. බෝවස් උත්තරදෙමින්: නුඹේ පුරුෂයා නැසුණු පසු නුඹේ නැන්දාට නුඹ කළ සියල්ලත් නුඹේ පියා හා මවුද ජන්ම භූමියද අත්හැර මීට ප්‍රථම නුඹ නෑඳින්න සෙනඟක් වෙතට ආ බවත් මට සම්පූර්ණයෙන් දන්වා තිබේ. ස්වාමීන්වහන්සේ නුඹේ ක්‍රියාවට විපාක දෙනසේක්වා, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පියාපත් යටතේ ආරක්ෂාවී සිටින්ට ආවාවූ නුඹට උන්වහන්සේගෙන් සම්පූර්ණ විපාකයක් ලැබේවයි ඈට කීවේය. එවිට ඈ: මාගේ ස්වාමිනි, ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවා; මක්නිසාද මා ඔබගේ මෙහකොරියන්ගෙන් කෙනෙකු මෙන් නොවන නුමුත්, ඔබ මා සනසා ඔබගේ මෙහකොරිය සමග කරුණාවෙන් කථාකෙළෙහියයි කීවාය. කෑම කන වේලාවේ බෝවස් ඈට කථාකොට: මෙහාට ඇවිත් මේ රොටිවලින් අරන් නුඹේ කැබෙල්ල කාඩි හොද්දේ පොවා කන්නැයි ඈට කීවේය. ඈද ගොයම් කපන්නන් ළඟ ඉඳගත්තාය. ඔහු විලඳත් ඈට ළංකරදුන්නේය, ඈ කා තෘප්තියට පැමිණ ඉතුරු කරගත්තාය.

රූත්ගේ කථාව 2:8-14 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය