එළිදරව් 6:7-11

එළිදරව් 6:7-11 SROV

උන්වහන්සේ සතරවෙනි මුද්‍රාව කැඩූ කල, සතරවෙනි ජීවමාන සත්වයා කථාකොට: එන්නැයි කියන හඬ ඇසීමි. එවිට සුදුමැලි අශ්වයෙක් සිටිනවා දුටිමි. ඌ පිට හුන් තැනැත්තාගේ නාමය මරණයය; පාතාලයද ඔහු අනුව ගියේය. කඩුවෙනුත් සාගතයෙනුත් වංසගතයෙනුත් පොළොවේ වනමෘගයන් ලවාත් මරන්ට පොළොවෙන් සතරෙන් කොටසක් කෙරෙහි ඔවුන්ට බලය දෙනලද්දේය. උන්වහන්සේ පස්වෙනි මුද්‍රාව කැඩූ කල, දෙවියන්වහන්සේගේ වචනය නිසාද තමුන් දැරූ සාක්ෂිය නිසාද මරනු ලැබූවන්ගේ ආත්ම පූජාසනය යට සිටිනවා දුටිමි. ඔව්හු: අහෝ, ස්වාමිනි, ශුද්ධවූ සැබෑවූ තැනන්වහන්ස, ඔබ පොළොවෙහි වසන්නන් විනිශ්චය නොකොට, අපේ ලේ ගැන ඔවුන්ට සුදුසු විපාක නොදී, කොපමණ කල් ප්‍රමාද වනසේක්දැයි මහත් ශබ්දයකින් මොරගසා කීවෝය. ඔවුන්ගෙන් එකිනෙකාට සුදු සළුවක් දෙනලද්දේය. ඔවුන් ලෙසම මරනු ලබන්ට සිටින්නාවූ ඔවුන්ගේ හවුල් මෙහෙකරුවන්ගේද සහෝදරයන්ගේද ගණන සම්පූර්ණවන තුරු, තව ස්වල්ප කාලයක් නවතින්ට කියා ඔවුන්ට කියනලද්දේය.

එළිදරව් 6:7-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය