එළිදරව් 4:1-4

එළිදරව් 4:1-4 SROV

ඉන්පසු අහසේ දොරක් ඇරී තිබෙනවා මම දුටිමි, හොරණෑවක ශබ්දය මෙන් මා සමඟ කථාකරනවා මා ඇසූ පළමුවෙනි හඬද: මෙහි නැගී එන්න, මේ දේවලට පසුව විය යුතු දේවල් නුඹට පෙන්වන්නෙමියි කීය. එකෙණෙහිම මම ආත්මයාණන්වහන්සේ තුළ සිටියෙමි. එවිට ස්වර්ගයෙහි සිංහාසනයක් තිබුණේය, ඒ සිංහාසනයෙහි එක්කෙනෙක් වැඩහුන්සේක; එහි වැඩහුන් තැනන්වහන්සේ පෙනීමෙන් සූර්යකාන්ති සහ ලෝහිතංක මැණික්වලට සමානව සිටිසේක. සිංහාසනය අවට මරකතයට සමානව පෙනෙන දේදුන්නක් තිබුණේය. ඒ සිංහාසනය වටේට සිංහාසන විසිහතරක් තිබුණේය. ඒ සිංහාසන මත්තෙහි වැඩිමහල්ලන් විසිහතර දෙනෙක් සුදු වස්ත්‍ර පැළඳ, තමුන්ගේ හිස් මතුයෙහි රන් ඔටුනු ඇතුව, වාඩිවී හිඳිනවා දුටිමි.