එළිදරව් 17:3-6
එළිදරව් 17:3-6 SROV
ඔහු ආත්මයාණන්ගේ ආනුභාවයෙන් කාන්තාරයකට මා ගෙනගියේය. එවිට දේව අපහාස නාමවලින් පිරී සිටියාවූ හිස් සතක් හා අං දසයක් ඇත්තාව රතුපාට මෘගයෙකු පිට ස්ත්‍රියෙක් වාඩිවී ඉන්නවා දුටිමි. ඒ ස්ත්‍රී රත්නිල් සහ රතු පාට වස්ත්‍ර පැළඳ, රනින්ද අනර්ඝ ගල් සහ මුතුවලින්ද සැරසී සිටියාය, පිළිකුල්කම්වලින්ද ඇගේ වේශ්‍යාකමේ අපවිත්‍රකම්වලින්ද පූර්ණවූ රන් කුසලානක් ඇගේ අතේ තිබුණේය, ඇගේ නළල පිට: රහසක්ය, මහා බබිලෝනියය, පොළොවේ වේශ්‍යාවන්ගේද පිළිකුල්කම්වලද මවුය යන නාමයක් ලියා තිබුණේය. ඒ ස්ත්‍රී ශුද්ධවන්තයන්ගේද යේසුස්වහන්සේගේ වේදසාක්ෂිකයන්ගේද ලෙයින් මත්වී සිටිනවා දුටිමි. මම ඈ දුටු විට මහත් පුදුමයකින් පුදුමවුණෙමි.

