සතරවෙනියා තමාගේ පාත්‍රය සූර්යයා පිට වැගිරෙවුවේය; එවිට ගින්නෙන් මනුෂ්‍යයන් දවන්ට ඊට බලය දෙනලද්දේය. මහත් උෂ්ණයකින් මනුෂ්‍යයෝ දවනු ලැබ, මේ පීඩා කෙරෙහි බලය ඇති දෙවියන්වහන්සේගේ නාමයට අපහාසකළෝය; උන්වහන්සේට ගෞරවය දෙන ලෙස ඔව්හු පශ්චාත්තාපනූණෝය. පස්වෙනියා තමාගේ පාත්‍රය මෘගයාගේ සිංහාසනය පිට වැගිරෙවුවේය; ඔහුගේ රාජ්‍යය අඳුරු විය; ඔව්හු වේදනා නිසා තමුන්ගේ දිව් විකාගත්තෝය, ඔව්හු තමුන්ගේ වේදනාද වණද නිසා ස්වර්ගයේ දෙවියන්වහන්සේට අපහාසකළෝය; තමුන්ගේ ක්‍රියා ගැන පශ්චාත්තාප නූණෝය. සවෙනියා තමාගේ පාත්‍රය මහ ගඟෙහි, එනම් එප්‍රාත් ගඟෙහි වැගිරෙවුවේය; එවිට නැගෙනහිර දිසාවෙන් එන රජුන්ගේ මාර්ගය සාදනු ලබන පිණිස එහි වතුර සිඳීගියේය. තවද සර්පයාගේ කටිනුත් මෘගයාගේ කටිනුත් බොරු අනාගතවක්තෘගේ කටිනුත් මැඩියන් වැනිවූ අශුද්ධාත්මයන් තුන් දෙනෙක් නික්ම එනවා දුටිමි. මක්නිසාද ඔව්හු සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේගේ මහත් දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජුන් රැස්කරන පිණිස, ඔවුන් ළඟට යන්නාවූ, හාස්කම් කරන්නාවූ යක්ෂයින්ගේ ආත්මයෝය. (බලව, මම සොරෙකුමෙන් එමි. නග්නව ඇවිද තමාගේ ලජ්ජාව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස අවදිව සිට තමාගේ වස්ත්‍ර ආරක්ෂාකරගන්නා ආශීර්වාදලද්දෙක්ය.) ඔව්හු හෙබ්‍රෙව් භාෂාවෙන් හර්–මගෙදොන් කියන ස්ථානයට ඔවුන් රැස්කළෝය. සත්වෙනියාද තමාගේ පාත්‍රය ආකාශයේ වැගිරෙවුවේය; එවිට: නිමවුණේයයි කියන මහත් හඬක් දේවමාළිගාව තුළින් සිංහාසනයෙන් නික්මුණේය. විදුලිද ශබ්දද ගර්ජනාද විය; මහත් භූමිකම්පාවක්ද විය, පොළොවේ මනුෂ්‍යයන් සිටි දා පටන් එපමණ බලවත්වූ මහත්වූ භූමිකම්පාවක් වුණේ නැත. ඒ මහත් නුවරද තුන් කොටසකට බෙදනලද්දේය, ජාතීන්ගේ නුවරවල් වැටුණේය. දෙවියන්වහන්සේගේ උදහසේ සැරකම නමැති මුද්‍රිකපාන කුසලාන මහත් බබිලෝනියට දෙන පිණිස ඈ දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිහිකරනු ලැබුවාය. සියලු ද්වීපයෝ පලාගියෝය, කඳුද නොපෙනී ගියේය. අහසෙන් මහත් ගල්වර්ෂාවක්ද මනුෂ්‍යයන් පිටට වැස්සේය, එහි එක එක ගල තලෙන්තයක් පමණ බරය. මනුෂ්‍යයෝ ගල්වර්ෂාවේ පීඩාව නිසා දෙවියන්වහන්සේට අපහාසකළෝය; මක්නිසාද එහි පීඩාව ඉතා මහත්විය.
එළිදරව් 16 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: එළිදරව් 16:8-21
5 days
Dive into the captivating and confusing biblical book of Revelation and learn that this book is meant to be a book of peace and comfort for you because the main theme is this: Jesus wins!
7 Days
Armageddon. Mystery Babylon. The Second Coming. The Wedding Feast of the Lamb. What does it all mean? In Part 6 of Revelation Explained, Kris Langham guides us through Revelation 16-19, including the final judgments on the world’s religious and political systems, and leading up to the climax of the entire Bible - the return of Jesus Christ. Join us for clear, relatable teaching in just five minutes each day.
The book of Revelation is not just for the future church, it is for us today. There is hope and encouragement found in Revelation for every Christ follower during every time in history.
13 days
This reading plan will introduce you to the background and primary message of the Book of Revelation. It also explores the structure, content, original meaning and modern application of the Book of Revelation.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ