එළිදරව් 15:1-4

එළිදරව් 15:1-4 SROV

ස්වර්ගයෙහි මහත්වූ විස්මපත්වූ තවත් පුදුමයක් දුටිමි. එනම් දේවදූතයන් සත්දෙනෙක් පීඩා සතක් රැගෙන සිටියෝය, එයින් දෙවියන්වහන්සේගේ උදහස කෙළවරවන බැවින් ඒවා අන්තිම පීඩාය. ගින්නෙන් මිශ්‍රවූ වීදුරු සාගරයක් වැනි දෙයක් සහ මෘගයාගෙනුත් උගේ රූපෙයනුත් උගේ නමේ ගණනෙනුත් ජයගෙන එන්නන් දෙවියන්වහන්සේගේ වීණා රැගෙන වීදුරු සාගරය ළඟ සිටිනවාත් මම දුටිමි. ඔව්හු දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස්ගේ ගීතිකාවද බැටළුපැටවාණන්ගේ ගීතිකාවද ගායනාකරමින්: සර්ව පරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ ක්‍රියා මහත්ය, විස්මපත්ය; ජාතීන්ගේ රජ්ජුරුවෙනි, ඔබගේ මාර්ග ධර්මිෂ්ඨය, සැබෑය. ස්වාමීනි, ඔබගේ නාමයට භය නොවන්නෙක් ගෞරව නොකරන්නෙක් කවුද? මක්නිසාද ඔබ පමණක් ශුද්ධය; එබැවින් සියලු ජාතීන් පැමිණ ඔබ ඉදිරියෙහි නමස්කාරකරනවා ඇත; මක්නිසාද ඔබගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශකරනලද්දේයයි කීවෝය.