ගීතාවලිය 98

98
දෙවියන්වහන්සේගේ ගැළවීම ගැන ප්‍රශංසාකිරීම
ගීතයකි.
1 ස්වාමීන්ට අලුත් ගීතිකාවක් ගායනාකරව්;
මක්නිසාද උන්වහන්සේ ආශ්චර්යයන් කළසේක.
ස්වකීය දකුණු අතින්ද ශුද්ධවූ බාහුවෙන්ද තමන්වහන්සේට ගැළවීම ඉෂ්ටකරගත්සේක.
2 ස්වාමීන්වහන්සේ ස්වකීය ගැළවීම දැන්වූසේක.
ස්වකීය ධර්මිෂ්ඨකම ජාතීන්ගේ ඇස් හමුවෙහි එළිදරව්කළසේක.
3උන්වහන්සේ ඉශ්‍රායෙල් වංශය කෙරෙහි ඇති ස්වකීය කරුණාවත් විශ්වාසකමත් සිහිකළසේක.
පොළොවේ සියලු සීමාවෝ අපේ දෙවියන්වහන්සේගේ ගැළවීම දුටුවෝය.
4පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ප්‍රීති නාද පවත්වව්.
ශබ්දනගා ප්‍රීතියෙන් ගී කියව්, එසේය ප්‍රශංසා ගී කියව්.
5 ස්වාමීන්ට වීණාවෙන්ද වීණාවෙන් හා ගී නාදයෙන්ද ගායනා කරව්.
6හොරණෑවලින්ද නළා ශබ්දයෙන්ද රජවූ ස්වාමීන් ඉදිරියේ ප්‍රීතිනාද පවත්වව්.
7මුහුදද එහි ඇති සියල්ලද ගර්ජනාකෙරෙත්වා;
ලෝකයද එහි වැසියෝද ගර්ජනාකෙරෙත්වා.
8 ස්වාමීන් ඉදිරියෙහි ජල ධාරාවෝ අත් පොළසන්දෙත්වා;
හෙල්ද එක්ව ප්‍රීතියෙන් ගී කියත්වා;
9මක්නිසාද උන්වහන්සේ ලෝකය විනිශ්චයකරන පිණිස එනසේක.
උන්වහන්සේ ලෝකය ධර්මිෂ්ඨකමින්ද මනුෂ්‍ය වර්ගයන් සාධාරණකමින්ද විනිශ්චයකරනසේක.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 98: SROV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න