ගීතාවලිය 93

93
පොළොවේ රජවූ ස්වාමීන්වහන්සේ
1 ස්වාමීන්වහන්සේ රජකම් කරනසේක;
උන්වහන්සේ මහිමශ්‍රීය පැළඳ සිටිනසේක;
ස්වාමීන්වහන්සේ පැළඳ සිටිනසේක, උන්වහන්සේ ශක්තිය නමැති ඉඟපටිය බැඳගන සිටිනසේක.
ලෝකයද නොසෙල්වෙන ලෙස පිහිටා තිබේ.
2ඔබගේ සිංහාසනය ආදියේ පටන් පිහිටා තිබේ.
ඔබ සදාකාලයේ පටන් සිටිනසේක.
3 ස්වාමිනි, ජල ධාරාවෝ නැගුණෝය, ජල ධාරාවෝ ශබ්දනැගුවෝය;
ජල ධාරාවෝ රැළ නඟිති.
4මහත් ජල ඝෝෂාවන්ටත් මුහුදේ බලවත් රැළවලටත් වඩා උසස්ථානයෙහි ස්වාමීන්වහන්සේ බලවත්ය.
5ඔබගේ ශික්ෂා ඉතා ස්ථිරය.
ස්වාමිනි, සදාකල්ම ශුද්ධකම ඔබගේ ගෘහයට හොබනේය.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 93: SROV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න