ගීතාවලිය 73
73
තුන්වෙනි කාණ්ඩය.
දුෂ්ටයන්ගේ ශුභසිද්ධිය ගැන ඊර්ෂ්‍යා නොවිය යුතු බව
ආසාප්ගේ ගීතයකි.
1සැබවින් දෙවියන්වහන්සේ ඉශ්රායෙල්ට, එනම් පිරිසිදු සිත් ඇත්තන්ට, යහපත්ය.
2එහෙත් මාගේ පාද ඉවතයන්ට ළං විය;
මාගේ අඩි නොලිස්සුවා පමණය.
3මක්නිසාද මම දුෂ්ටයන්ගේ අභිවෘද්ධිය දුටු කල, අහංකාරීන් කෙරෙහි ඊර්ෂ්‍යාකෙළෙමි.
4මක්නිසාද ඔවුන්ගේ මරණයේදී වේදනා නැත.
ඔවුන්ගේ ශක්තිය ස්ථිරය.
5වෙන මනුෂ්‍යයන්ට මෙන් ඔවුන්ට විපත්ති නැත.
වෙන මනුෂ්‍යයන්ට මෙන් පීඩාද නැත.
6එබැවින් ආඩම්බරය ඔවුන්ගේ බෙල්ලේ මාලාවක් මෙන්ය;
බලාත්කාරය වස්ත්‍රයක් මෙන් ඔවුන් සරසයි.
7ඔවුන්ගේ ඇස් තරකමින් නෙරා තිබේ.
ලබන්ට ආශාවෙනවාටත් වඩා ඔවුන්ට සම්පත් ඇත.
8ඔව්හු ගර්හාකෙරෙති, දුෂ්ටකමින් බලාත්කාරය ගැන කථාකෙරෙති.
උඩඟුලෙස කථාකෙරෙති,
9ඔව්හු තමුන්ගේ මුඛය අහසෙහි තබා තිබේ, ඔවුන්ගේ දිවද මුළු පොළොවෙහි සංචාරයකරයි.
10එබැවින් උන්වහන්සේගේ සෙනඟ මෙතැනට හැරී එති.
පිරුණු කුසලානකින් ඔව්හු වතුර බේරා බොති.
11ඔව්හු කථාකොට:
දෙවියන්වහන්සේ කෙසේ දන්නාසේක්ද?
මහෝත්තමයාණන්ට දැනුම ඇද්දැයි කියති.
12බලව, දුෂ්ටයෝ මොව්හුය;
මොව්හු නිතර සැපසේ වෙසෙමින් වස්තුවෙන් වර්ධනයවෙති.
13සැබවින් මාගේ සිත පවිත්‍ර කරගැනීමත් නිදොස්කමින් මාගේ අත් සේදීමත් නිෂ්ඵලවිය;
14මක්නිසාද දවස මුළුල්ලේම පීඩාකරනු ලැබීමි, උදයක් පාසා තරවටුද ලැබීමි.
15මම මෙසේ කථාකරන්නෙමියි කීයෙම් නම්;
බලව, ඔබගේ දරුවන්ගේ පරම්පරාවට ද්‍රෝහියෙක් වෙමි.
16මා විසින් දෙවියන්වහන්සේගේ ශුද්ධ ස්ථානයට ගොස් ඔවුන්ගේ අන්තිමය ගැන කල්පනා කරන තෙක්,
17එය මට අධික වේදනා සහිත විය;
එය දැනගත හැකි කෙසේදැයි සිතමින් සිටියෙමි.
18සැබවින් ඔබ ඔවුන් ලිස්සන තැන්වල සිටුවනසේක.
ඔබ ඔවුන් විනාශයට හෙළනසේක.
19ඔවුන් ක්ෂණයකින් ශුන්‍යවූ හැටි!
භීතිවලින් ඔව්හු සහමුලින්ම විනාශ වූවෝය.
20යමෙක් පිබිදෙන කල ඔහුට හීනයක් යම්සේද, ස්වාමිනි, ඔබ පිබිදෙන කල ඔබ ඔවුන්ගේ රූපාකාරය එසේ හෙළාදක්නාසේක.
21එහෙත් මාගේ සිත කැලඹුණේය, මාගේ හෘදයට ඇන්නාක්මෙන් විය.
22මම මෘගාකාර වීමි, අඥාන වීමි;
ඔබ ඉදිරියෙහි තිරිසනෙකු මෙන් වීමි.
23එසේ නුමුත් මම නිතරම ඔබ සමඟය.
ඔබ මාගේ දකුණත අල්ලාගත්සේක.
24ඔබගේ මන්ත්‍රණයෙන් මට මග පෙන්වනසේක, පසුව තේජසට මා පිළිගන්නාසේක.
25ස්වර්ගයෙහි ඔබ හැර මට ඇත්තේ කවුද?
පොළොවෙහිද ඔබ හැර මා ආශා කරන කිසිවෙක් නැත.
26මාගේ මාංසයත් සිතත් ක්ෂයවේ.
දෙවියන්වහන්සේ මාගේ සිතේ ශක්තියද සදාකාලයට මාගේ කොටසද වනසේක.
27මක්නිසාද ඔබ කෙරෙන් ඈත්ව සිටින්නෝ විනාශවන්නෝය.
මිථ්‍යාචාරලෙස ඔබ කෙරෙන් පහව යන සියල්ලන් ඔබ විනාශකළසේක.
28දෙවියන්වහන්සේට ළංවීම මට යහපත.
ඔබගේ සියලු ක්‍රියා ප්‍රකාශකරන පිණිස, ස්වාමිවූ දෙවියන්වහන්සේ මාගේ සරණ කරගතිමි.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 73: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: