ගීතාවලිය 71:14-16

ගීතාවලිය 71:14-16 SROV

එහෙත් මම නිතරම බලාපොරොත්තු වෙමින් වඩ වඩා ඔබට ප්‍රශංසාකරන්නෙමි. මාගේ මුඛය දවස මුළුල්ලේ ඔබගේ ධර්මිෂ්ඨකම හා ඔබගේ ගැළවීම ප්‍රකාශකරන්නේය; මක්නිසාද එහි ගණන නොදනිමි. ස්වාමිවූ දෙවියන්වහන්සේ ගේ බලවත් ක්‍රියා පෙරටුකොටගෙන එන්නෙමි. ඔබගේ ධර්මිෂ්ඨකම පමණක්ම සඳහන්කරන්නෙමි.