ගීතාවලිය 65
65
ගොයම් කැපීමේ කාලය සහ අනතුරෙන් මිදීම ගැන ගීතය
නායක වාද්‍යකරුටයි. දාවිත්ගේ කාව්‍ය ගීතයකි.
1දෙවියන්වහන්ස, සියොන්හී ඔබට ප්‍රශංසාව නිශ්චලව තිබේ.
භාරයද ඔබට ඔප්පුකරනු ලබන්නේය.
2යාච්ඤා අසන තැනන්වහන්ස, මාංසමයවූ සියල්ලෝම ඔබ වෙතට පැමිණෙන්නෝය.
3අයුතුකම් මාගෙන් ජයගනියි.
ඔබ වනාහි අපේ අපරාධ පහකර දමනසේක.
4ඔබගේ මිදුල්වල වාසයකරන පිණිස ඔබ තෝරාගන්නාවූ, ඔබට ළංවෙන්ට සලස්වන්නාවූ තැනැත්තේ ආශීර්වාදලද්දේය.
ඔබගේ ගෘහයවූ ඔබගේ ශුද්ධ මන්දිරයේ යහපතින් අපි තෘප්තියට පැමිණෙන්නෙමුව.
5පොළොවේ සියලු සීමාවලද මුහුදේ දුරස්තර තැන්වලද සිටින්නන්ගේ විශ්වාසයවූ අපේ ගැළවීමේ දෙවියන්වහන්ස, ඔබ භයානක දේවලින් ධර්මිෂ්ඨලෙස අපට උත්තරදෙනසේක.
6උන්වහන්සේ බලය නමැති ඉඟපටියෙන් සැරසුණුසේක්, තමන් ශක්තියෙන් කඳු ස්ථිරකොට පිහිටුවනසේක.
7උන්වහන්සේ මුහුදු ඝෝෂාවද එහි රැළ ඝෝෂාවද මනුෂ්‍ය වර්ගයන්ගේ කෝලාහලයද සංසිඳුවනසේක.
8ඉතා දුර සීමාවල වසන්නෝද ඔබගේ ලකුණුවලට භයවෙති.
ඔබ උදයද සවසද නික්මෙන ස්ථාන ප්‍රීතිමත්කරවනසේක.
9ඔබ පොළොව බලා ඊට වැසි වස්වනසේක, බොහෝසෙයින් එය සාරවත් කරනසේක;
දෙවියන්වහන්සේගේ ගංගාව වතුරෙන් පිරී තිබේ.
ඔබ පොළොව මෙසේ පිළියෙළකොට ඔවුන්ට ධාන්‍ය සපයාදෙනසේක.
10ඔබ එහි හීවිටි බොහෝසේ තෙමමින්, එහි පිඩලි සමතලා කරනසේක.
ඔබ වැස්සෙන් එය බුරුල්කරමින්, එහි පැළෑටිවලට ආශීර්වාදකරනසේක.
11ඔබ ස්වකීය යහපත්කම නමැති ඔටුන්නෙන් අවුරුද්ද සරසනසේක;
ඔබගේ මාවත්වලින් සාරත්වය වැගිරෙයි.
12ඒවා වනයෙහි පිට්ටනිවල වැගිරෙයි.
හෙල්ද ප්‍රීතිය නමැති පටියෙන් සැරසී තිබේ.
13ගොදුරු බිම් සිව්පා රැළවලින් පැළදීයයි;
මිටියාවත්ද ගොයමින් වැසී තිබේ;
ඒවා ප්‍රීතියෙන් ඝෝෂාකරමින් ගායනා කරති.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 65: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: